ඉවතලා පෙර වැරදි
සිත් තොසින් හොදම ගෙන
දහසකුත් පැතුම් පොදි
තූරුලු කර ඉදිරියට
පිය නගමු නව වසට . . .
හෙටින් එන නව වසර
ජයෙන් පිරි සුබම සුබ
වසරක්ම වේවා ! ! !


උදේ 9 රෑ 8 පිස්සු නටපු Payroll සමග
weekend ඉවර කරන
Assignment ගොඩක් එක්ක
ලොවෙත් තේරෙන්නේ නැති
lectures වල ඉදලා
18 party එකක් තියෙද්දි
ඒකත් cut කරලා . . .
exam ලියන්න හිතුවට
පොත අතට ගත්තාම
අඩ ගගන නිදි දෙව්දුවත් එක්ක
මොනවා ලියන්නද මං
semester finel එකට

ආදර කතාව පටන් ගන්නේ මෙතනින්. ' තමුසෙගේ දේවල් මට මොකටද ඕයි ! ! . . . ඕන කෙල්ලෙක් එක්ක ඕන එකක් කර ගන්නවා. ඉතින් මට මොකෝ . . මං ආයි . . . ඔයාට මන් . . . ආයි කියන්නෙ නෑ . . ' වෙලාව රෑ 10.30 ට විතර. මාත් ඔෆිස් ඇරිලා බෝඩිමට යන ගමන්. හිතුන දේ ලිව්වා ඔන්න . .

සොදුරු මතකය සිතක රදවා
වෙන කෙනෙක් වෙත සිතම පුදලා
යන්න ගියේ නුඹ මාව දමලා
මගේ වරදක් මවෙත පටවා

කරපු දෙයකුත් ඇතුවෙ නැතුවා
කයිය ගසමින් රන්ඩු කෙරුවා
වෙන එවුන් ලග හිටියා කියලා
කියන විට මගෙ මරුව නැග්ගා

නෙතු අතර දග කෙරුව
රුව මසිත ඇද බැන්ද
පෙම් බැදුනු සිත නුඹට
පුද කරමි දිවි තුරුම

මට ලංව මා ලගම
මගේ තුරුලෙහි දැවටි
ගතින් නුඹ දුර වුවත්
සිතින් නුඹ නෑ දුරක

ඇත්තටම මේ ආටිකල් එක ලියන්න හිතුනේ නිකමට. මම මගේ බ්ලොග් එකට ආවේ ගොඩ කලෙකින්. ඒ ආපු වෙලේ මට ඇතිවුනේ මාරම දුකක්. බ්ලොග් එකේ කිසිම active බවක් නෑ. ආපස්සට හැරිලා බැලුවොත් මේකට වග කියන්න ඕනේ වෙන කවුරුවත් නෙමේ, මං මයි. මට තියෙන වෙලාවත් එක්ක බිලොග් එකට එන එක ටික ටික අඩු වෙලා ගිහින්. ඉස්සර වගේ නෙමේ ගෙදර එන්නේ සතියකට වරක් දෙවරක් නිසා internet ඉන්නත් තියන වෙලාව අඩුයි. ඒකත් මේකට හේතුවක් වුනා.

මං දැන් පුදුම තරම් කාර්යබහුල වෙලා. ජීවිතේ සමහර පැති වලින් මං ටිකින් ටික ඉස්සරහට යනවා. ඒ වගේම දුකින් වුනත් කියන්න වෙනවා මගේ ආදරේ නම් දැන් ඉවරෙටම ඉවර වෙලා. කොච්චර ප්‍රශ්න ආවත්, affair එකක් නෑ කියලා ගොඩ කාලයක් වුනත් මේ මෑතක් වෙනකල්ම මායි එයයි අතර පොඩිම connection හරි එකක් තිබුනා. ඒත් අද වුනු වැඩක් නිසා මට නම් හිතුනේ ඒ ආදරෙත් සදහටම ඉවරයි කියලා. මේක ඇත්තටම මගේ කරුමයක්ද කොහේද ?. මාත් එක්ක කෙල්ලන්ට ඉන්න බෑ වගේ.

ජිවිතේ සමහර පැති නම් දැන් හිතුවටත් වඩා වේගෙන් ඉස්සරහට යනවා. අධ්‍යාපනය වගේම රස්සාවත් දැන් ෂේප් එකේ නැගලා යනවා. බෝඩිම් ජීවිතේත් දැන් නම් අවුලක් නෑ වගේ. ඒත් මේ සතියේ නම් මාරම දුකක් මට ඇති වුනේ. මහප්පා අපි කාටවත් නොකියා අපිව දාලා ගියා. මහප්පා කියන්නේ මාරම හොද මිනිහෙක් කියලයි මට හිතෙන්නේ. මහප්පා මගේ ජීවිතේට කොච්චර නම් සමීප වෙලා හිටියද කියල මතක් වෙනකොටත් ඇඩෙනවා. මනුස්සකම තිබ්බ මිනිහෙක් මට නැති වුනා.

මට මේ ටික බ්ලොග් එකට ලියන්න ඕනෑ කියලා හිතුනේ නිකමට. මගේ ජීවිතේ ගැන මම ආඩම්බර වෙනවා. කොච්චර problems ආවත් මට ජීවිතේට මුහුන දෙන්න පුලුවන් කියලා මට හිතෙනවා. ඒත් මේ ආටිකල් එක ඉවර කරන්න කලින් දෙයක් ඔයාලට කියන්න හිතුනා. කොච්චර වැඩ තිබුනත් තමන් ආදරේ කරන කෙනාට දීලා තියෙන, දීලා තිබුන වෙලාව කොයි වෙලාවෙවත් අඩු කරන්න එපා. එහෙම වුනොත් ඔයාලටත් වෙන්නේ මං වගේ ආදරෙන් පරාද වෙන්නයි.

C#



C# ගැන කියන්න හිතුනේ මේ දවස් වල මං C# code අතරේ හිර වෙලා ඉන්න නිසයි. ඇත්තටම C# කියන්නේ සප්ත මහා සාගරය වගේ. මේ language එකේ තියන වැඩ කෑලි ටික ඉගෙන ගන්න නම් අවුරුදු ගානක් මේකෙම එල්ලිලා ඉන්න වෙනවා. ඒත් යම් තරමක මූලික දැනුමක් ගත්තොත් හොද වැඩ ටිකක් දාන්න පුලුවන්.

මට C# ගැන හොයන්න, දැන ගන්න ඕනෑ වුනේ Dip එකේ project එක කරන්න ගිහින්. සමහර තැන් වල code එක හිර වුනාම එපා වෙනවා. එහෙම වෙලාවට net එකේ search කලා කියලා හොද විසදුමක් හොයා ගන්න අමාරුයි. මොකද google search එකෙන් වැඩක් නැති වෙන වෙන විකාරත් එන නිසා. මේ වගේ එන සමහර code කෑලි හරියට compile වෙන්නෙත් නෑ. එතකොට තමා එපා වීමේ උපරිමය.

කොහොම කොහොම හරි search කරද්දි හම්බ වුන හොද site ටිකක් blog එකට දාන්න මට හිතුනා. මට search කරද්දි හම්බ වුන site වලින් හොදම තුන තමා මේ. ඔයාලටත් C# ඉගෙන ගන්න ආස නම් මේ site වලට ගිහිල්ලා බලන්න. මේවයේ මාරෙටම ගන්න දෙයක් තියෙනවා. තව එකක් කියන්න ඕනේ. මගේ යාලුවෝ මට ගොඩක් site වල links හොයලා දුන්නා C# ඉගෙන ගන්න. ඒ අයටත් Thanks වෙන්න ඕනෑ.


http://www.codeproject.com/

http://www.functionx.com/

http://www.java2s.com/

රැගෙන නුඹ විහිලුවට
සෙල්ලම් කළ ආදරය

නොවැටහුනි නුඹ අගය

නික්ම යන තුරුත් . . .



කඩ කරපු පොරොන්දු

මතක් වෙන හැම විටත්

කළ වැරදි මතක් වී

දැනුදු පසු තැවෙමි මම . . .



නුඹ නික්ම යන තුරුම

නොවැටහුනු කරුමයම
නුඹේ වටිනාකම අද
දනිමි මම හොදින් . . .



නුඹේ ලොව මගේ කර

මවෙත පිදු සෙනෙහෙබර

ආදරය දැනුණි නම්

නුඹ මා ලග අදත් . . .


මුලින්ම කියන්න ඕනෑ මේක ආටිකල් එකක් වෙන්නත් පුලුවන් එහෙමත් නැත්නම් නිකන්ම නිකන් ෆොටෝ ටිකක් වෙන්නත් පුලුවන්. කොහොම වුනත් මට ඕනෙ වුනේ මං දැකපු දෙයක් ඔයාලටත් දකින්න සලස්වන්නයි. සේරටම කලින් මේ ෆොටෝ ටික බලලා ඉන්නකො.




ඔයාලා කලින් දැකලා තියනවද මේ වගේ සතෙක්. මං මේ ෆොටෝ ටික ගත්තේ කොහොඹ ගහක් ලග. මේ සතා කොහොඹ කොලේ හැඩරුවට අනුවර්තනය වෙලා තියෙන හැටි පුදුමයි නේද ?














ඇත්තටම මේ සතාගේ නම මොකක්ද ? මේ වගේ හැඩහුරු කම් තියෙන සත්තුන්ට කියන්නේ වන්දා කියලා. මෙයලා තමන් ජීවත් වෙන පරිසරයෙ හැටියට හැඩහුරුකම වෙනස් වෙනවා. මං මේ දැක්කේ කොහොඹ ගහක් ලග හිටිය වන්දෙක්. ඒ නිසා මෙයගේ හැඩහුරුකම කොහොඹ කොලේ හැඩයකට සමානයි. හොදට බැලුවේ නැත්තම් මෙයාව හදුනා ගන්නත් බැරි වෙනවා. කොහොඹ කොලයක් කියලා රැවටෙනවා.


අපි ජීවත් වෙන පරිසරය කොතාම් පුදුමාකාරද, අපි තව නොදැක්ක දේවල් කොච්චර නම් ඇත්ද ? මේ වගේ දෙයක් දකින්න ලැබෙන්නේ කලතුරකින්. ඒකයි මේ ෆොටෝ ටික බ්ලොග් එකේ දාන්න හිතුනේ ඔයාලටත් බලා ගන්න. ඔයලාටත් මේවගේ පුදුම හිතෙන දෙයක් දකින්න ලැබුනොත් මටත් කියන්න හොදේ.

නටු අගක පිපුන
මට දුරින් පිපුන
මගේ සිත බැදුන
සුවද මල නුඹ . . . .

මා පෙමින් බැදුන
නෙලුමටම හිතුන
නමුදු ඉඩ නොදුන
සුවද මල නුඹ . . . .
කටාරම . . ඇත්තටම කටාරමක් කියන්නේ මොකක්ද ? කටාරමකින් වෙන්නේ මොකක්ද ? කියලා හොයන්න හුටපටයට ආසා හිතුණා. ඒකේ ප්‍රතිපලයක් විදියට තමා කටාරම කියන නමින් ආටිකල් එකක් ලියන්න හිතුනෙ. මේ ආටිකල් එක කියවන හැමෝම වගේ මං දාලා තියෙන වීඩියෝ එක බැලුවා නම් තමා හොද. එතකොට කටාරමක් කියලා කියන්නේ මොකක්ද කියලා ලේසියෙන්ම ඔයාලටත් තේරුම් ගන්න පුලුවන්


මේ ආටිකල් එක පල්ලෙහා තියන වීඩියෝ එක දඹුල්ල රජ මහා විහාරයේදි ගත්ත එකක්. වීඩියෝ එක බලමු ගමන්ම කටාරමක් කියන්නේ මොකක්ද කියලයි, කටාරමකින් වෙන්නේ මොකක්ද කියලයි ලේසියෙන්ම තෙරුම් යනවා.


ඉස්සර කාලේ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රයෝජනයට වැඩි වශයෙන්ම යොදා ගෙන තිබුනේ ගල් ගුහා. භාවනා කටයුතු සදහා ස්වාමීන් වහන්සේලා වනගත පෙදෙස් තෝරා ගත්තහම උන්වහන්සේලගේ ප්‍රයෝජනයට ගත හැකි වන අයුරින් මේ ගල් ගුහා සකස් කෙරුණා. ස්වාභාවික පරිසරයේ ඇති නිස්කලංක බව නිසා මේ ගල් ගුහා භාවනා කුටි වශයෙන් යොදා ගත්තා කියලා ඉතිහාසයේ සදහන් වෙනවා.


ගල් ගුහාව පිහිටි ආකාරයෙන්ම භාවිතා කරන්න ගියාම නොයෙකුත් දුෂ්කරතා වලට මුහුන දෙන්න සිද්ද වෙලා තියෙනවා. ඒ අතරින් ප්‍රදානම වෙලා තිබුන දෙයක් තමා වැස්ස වෙලාවට ගල උඩට වැටෙන වතුර ගල දිගේ පහලට ගලා ගෙන ඇවිත් ගුහාව ඇතුලට වතුර පිරෙන එක. මේක වලක්වන්න ගල් ගුහාවට උඩින් කට්ටයක් කෙටුවා.


ගල උඩින් කොටපු කට්ටය නිසා ගල දිගේ පහලට ගලා ගෙන ආපු වතුර ගුහාව ඇතුලට නොවැටි පහලට වැටුනා. මේ විදියට ගල් ගුහාවට උඩින් කපපු කට්ටයට තමා කටාරම කියන්නේ. ඉස්සර කාලේ ගල් ගුහාවක කටාරම් කොටලා ගල් ගුහාව භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනයට ගත හැකි වෙන අයුරින් සකස් කරලා පන්සල් වලට පූජා කරල තියෙනවා. මෙහෙම ගල් ගුහා පූජා කරපු උදවියගේ නම්, ගම් පවා සටහන් කරලා කොටලා තියෙන සෙල් ලිපි ඒකට සාක්ෂි දරනවා.


ආයිත් දවසක පැරණි විහාරස්ථානයක ගල් ගුහාවක් දකින්න ලැබුනොත් ඔයාලත් බලන්න කටාරම කොටලා තියෙන්නේ කොහොමද කියලා. ලංකාව පුරාම විසිරිලා තියෙන ගොඩක් ගල් ගුහා වල කටාරම් කොටලා තියෙන නිසා, ඔයාලටත් ඉක්මණින්ම කටාරමක් දකින්න අවස්ථාවක් ලැබෙයි.



ඔබව දැක හිත ගියේ ඇයිද මට නොදැනිමත්
මටම ඇයි ඕනේ වුනෙ ඉන්න ලග හැමදාටමත්
මං ආදරෙයි ඔබට වඩා ලොව හැමටමත්
ඔබත් ආදරෙයි මට මේ සසර පුරාමත් . . . .


ඔබේ වදනින් වුනේ ඇරඹුමකි එක් තවත්
ආදරේ කරන්නට ගිවිස ගත්තා අපිත්
කාලයත් ගෙවී ගියෙ එක් වෙමින් අප දෙ අත්
ඒ නිසා වෙන් වෙන්න බෑ අපට මොකටවත් . . . .
අන්නාසි මල කිව්වහම මේ ආටිකල් එක කියවන අයට අමුත්තක් දැනෙන්න පුලුවන්. මොකද අන්නාසි ගැන අපි හොදට දන්නව වුනාට අන්නාසි මල ගැන හොයන්න අපි කවුරුත් උත්සහ කරල නැති නිසා. ඒත් අපේ පාරම්පරික චිත්‍ර කලාවෙදි, එහෙමත් නැත්නම් කැටයම් කලාවෙදි නම් අන්නාසි මලට වැදගත් තැනක් හිමි වෙලා තිබුණා. දැනට ඉතුරු වෙලා තියෙන චිත්‍ර, කැටයම් ඒකට සාක්ෂි දරනවා.







මේ ආටිකල් එක ලියන්නේ අපි එදිනෙදා දන්න කියන අන්නාසි මල ගන කියන්න නෙමේ. අපි කෑමට ගන්න රසවත් පලතුරක් වූ අන්නාසි ගෙඩියේ හැඩයට සමාන මලක් පිපෙන පැලයක් ගැන. හොදට මේ පින්තූර දිහා බලන්නකෝ. අන්නාසි ගෙඩියක හැඩරුව මේ මලට ලැබිල තියෙන හැටි. පුදුමයි නෙද ?. ඔයාලටත් හැබැහින් මේ මල දකින්න අවස්ථාවක් ලැබුනොත් බලන්න හුටපටයා කිව්ව දේ හරි නේද කියලා.

වරද මා අත රැදී
සතුට මා ගෙන් ගිලී
වසක පෙර ඇතිවුණි
පෙම මගෙන් ගිලිහුනී . . .

මගෙ වරද පළමු වුණි
සුලු ගැටුම් දුර ගියෙහි
ගොඩ නැගුව අප පෙමෙහි
අවසනක් සනිටු වුණි . . .

කුමක් කරමිද නොදමි
විසදුමක් තව නොමැති
සියලු දේ ඉවතලමි
මගේ සිත හදන්නෙමි . . .

මං මේ කියන්න යන කතාව ටිකක් අමුතු වෙන්න පුලුවන්. ඇත්තම කියනව නම් මං මේ සිද්ධිය දකිද්දිත් මට මාර අමුත්තක් දැනුණා. මොකද මාත් ජීවිතේ පළමු වෙනි වතාවට තමයි මෙහෙම දෙයක් දැක්කේ. වැඩිය විස්තර කියන්නේ නැතිව දැන් හදන්නේ මං දකපු දේ කෙලින්ම ඔයාලට කියන්නයි.


වෙලාව හවස 6 ට විතර ඇති. ඇත්තම කියනව නම් මං මේ වෙලාවේ හිටියෙ පුදුම තරහකින්. මොකද මං යන බස් එක යනව නෙමෙයි ගාටනවා. ඒක බස් එකේ ඩ්‍රයිවර්ගේ වරදක් කියලා ඒ මනුස්සයට බනින්නත් බෑ. වැස්සයි, ට්‍රැපික් එකයි නිසා බස් එක හෙල්ලෙන්නෙ වත් නැතුව එකම තැන ඉන්නවා. අලුතෙන්ම ගිය ජොබ් එකේ දෙවෙනි දවසෙම, හරි නැති වුනත් කලින්ම පැන ගත්තේ වැදගත් වැඩකට ඉක්මණටම මහරගමට එන්න ඕනේ නිසා. මගේ කරුමයක් පල දීලද කොහේද බස් එක ට්‍රැපික් එකේ හිරවෙලා.


මෙන්න එක පාරටම බස් එකේ සෙටප් එක දැම්මා. ඒ වෙලාවේ ඒකේ ගියේ හොද නැගලා යන සින්දුවක් . .
" ඇතුවත් බැරි නැතුවත් බැරි මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් . . මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් . . "
බස් එකි බෆල් 3 ක් විතර සෙට් කරලා තිබුණ නිසා සවුන්ඩ් කොලිටි එක නම් නියමෙටම තිබුණා. මමත් නිකන් වටපිට සර්ච් එකක් දැම්මා. සාමාන්‍යයෙන් බස් එකක යද්දි වටේ පිටේ පොඩි සර්ච් එකක් දාලා කොහොමද කියල බලන එක මගෙ පුරුද්දක්. මෙන්න බොලේ බස් එකේ මිනිස්සු ඔක්කොම වගේ ඉස්සරහ ඩ්‍රයිවර්ගේ පැත්ත දිහා බලන් ඉන්නවා.


ෂක් . . මරුනේ . . . බස් එකේ ටී. වී එකක් දාලා. ඇත්තම කියනව නම් මාත් ඒ වෙලාවේ තමා දැක්කේ මං ආපු බස් එකේ ටී.වී එකක් තිබුණා කියලා. මේක මං විතරක් නෙමේ බස් එකේ හිටපු හැමෝටම අලුත් අත්දැකීමක්. මාත් මේ බස් එකක ටී.වී එකක් දාගෙන යනවා දැක්කමයි. අනික මං නැග්ගේ ඉන්ට්‍රසිටි බස් එකකටත් නෙමේ.


ඒක නෙමේ මේ කතාවේ හොදම හරිය. මේ ටී.වී චැනල් එක අමුතුම තාලේ චැනල් එකක්. එකේ නම බස් ටී.වී. මේ චැනල් එකේ යන්නේ සින්දුයි, වෙළද දැන්වීමුයි විතරයි. මේ චැනල් එක හදලා තියෙන්නේ බස් වල යන එන අයට විතරමයි. ඒ නිසා මේකේ ටෙලිඩ්‍රාමා, නිවුස් වගේ වෙනත් ආකාරයේ වැඩසටහන් මොකුත් යන්නේ නෑ. හැම වෙලේම යන්නේ සින්දු විතරමයි.


බස් ටී.වී කියන්නේ හොද මාර්කටින් කන්සෙප්ට් එකක් කියලා තේරෙන්න මටත් ටික වෙලාවක් ගියා. මොකද ඒ වෙලාවේ බස් එකේ හිටපු හැමෝම වගේ කන් දීගෙන, ඇස් ඇරගෙන බස් ටී.වී එක දිහා බලාගෙන ඉන්නවා. ගෙදරදිට වඩා මෙතනදි අවධානයක් යොදලා හැමෝම ටී.වී එක බලන් ඉන්නවා කියලයි මට හිතුනේ. ගෙදර වගේ ටී.වී බලන ගමන් වෙන වැඩක් කරන්නත් බෑ. ඒ හිරවුණ ට්‍රැපික් එකේ හැටියට බස් එකේ ඉන්න මිනිස්සුන්ට ටී.වී එක බලනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ. ඉතින් මේ බස් ටී.වී එකේ වෙළද දැන්වීමක් දැම්මොත් ඒක නිකන්ම ප්‍රොමොට් වෙනවනේ.


ඔයාලත් සමහර විට මේ බස් ටී.වී එක දැකල ඇති. නැත්නම් ලගදිම දකින්න පුලුවන් වෙයි. එහෙම වුනොත් බලන්නකො හුටපටයා කියපු දේවලුත් ගැලපෙනවද කියලා.


රුදුරු ත්‍රස්තයො බිමෙන් අතුගා
දමන අරමුණ සිතෙහි රදවා
පෙරට විත් තම දිවිය පරදා
කරපු සේවය වේය අගනා
රැයෙහි දහවලෙ වෙනස නැතුවා
නොබිය සිතකින් සටන් වැදුනා
ලංකා මාතා රැක්ක විරුවා
වීර පුතණුව නුඹය සැමදා . . .

ඇවිත් නුඹ ඉගිල ගියෙ සංවේදි හදවතට
ආදරේ නාමයෙනි පිදුවෙ සෙනෙහස නුඹට
සිත අරන් ඉගිල ගියෙ මගෙන් නුඹ බෝ දුරට
හිතුවෙ නෑ කිසි දිනක විදවන්න මෙච්චරට

අතීතය සිහිනයකි උදාවන හෙට දිනට
කදුලු මතකය උරුම සිතන විට හැමදාට
සුසුම් සැලුවත් නැතත් නොලැබේවි කල්පයට
එපා සුකොමල වදන් මා මියෙන තුරාවට

මුලින්ම කියන්න ඕනෑ මේ ආටිකල් එක වැඩක් ඇති එකක් වෙන්නත් පුලුවන් ඒ වගේම කිසිම වැඩක් නැති එකක් වෙන්නත් පුලුවන් කියලා. එතකොට ආටිකල් එක කියවලා, මේක කිසිම වැඩක් නැති එකක් කියලා, මට බනින අය ටිකක් හරි අඩු වෙයිනේ. කොහොම වුනත් මේක මට විතරක් පෙනුන දෙයක් නම් නෙමේ. තවත් ගොඩ දෙනකුට මේක දැක ගන්න ලැබුනලු. ඉතින් මං හිතුවා මේ ගැන ඔයාලටත් කිව්වොත් හොදයි කියලා.


සමාධි පිළිමය කිව්වහම අපි ගොඩ දෙනෙකුටම මතක් වෙන්නේ අනුරාධපුර සමාධි පිළිමය. මොකද අනුරාධපුර සමාධි පිළිමය නොදැකපු කෙනෙක් හොයා ගන්න අමාරු තරම්. බුදුරජාණන් වහන්සේ සමාධි ඉරියව්වෙන් වැඩ සිටින, ගලින් නිමවූ පිළිම අතර අනුරාධපුර සමාධි පිළිමය ලොකු ප්‍රසිද්ධියක් උසුලනවා. මේ පිළිමය සොයා ගත්ත ස්ථානයේම, ප්‍රතිසංස්කරණය කරලා අදටත් දැක ගන්න පුලුවන්. තොලුවිල සමාධි පිළිමයත් ඉතා ඉහල කලාත්මක නිර්මාණයක්. අනුරාධපුර සමාධි පිළිමය තරම් ප්‍රසිද්ධියක් නැති වුනත් සමාධි පිළිම ගැන කතා කරද්දි අමතක කරන්න බැරි නිර්මාණයක්.තොලුවිල සමධි පිළිමය ප්‍රතිසංස්කරණය කළාට පස්සේ කොළඹට ගෙනාවා. කොළඹ ජාතික කෞතුකාගාරයට ඇතුල් වන දොරටුව ඉදිරිපසම දක්නට ලැබෙන්නේ තොලුවිල සමාධි පිළිමයයි.


මං මේ ආටිකල් එකේ දාලා තියෙන්නේ ඒ පිළිම දෙකේම අසමශිලී නිර්මාණකත්වයට සමාන කළ හැකි වූ තවත් එක් සමාධි පිළිමයක්. මේ පිළිමය හම්බ වුනේ අනුරාධපුර කෞතුකාගරයෙන්. දැන් මං හදන්නේ වැඩිය විස්තර කරන්නේ නැතිව මං කියන්න හිතාගෙන ආපු දේ ඔයාලට කියන්නයි.


මුලින්ම බලන්නකො ආටිකල් එකේ උඩින්ම තිබ්බ පින්තූරය දිහා. මේක සමාධි පිළිමයේ ඉදිරිපස. බුදුරජාණන් වහන්සේ අපරිමිත කරුණාවෙන් ලෝකය දිහා බලන ආකාරයයි මේ ඉරියව්වෙන් පෙන්නුම් කරන්නේ.හොදට නිරීක්ෂණය කරලා බැලුවොත් පිළිම මුහුනේ තියෙන ශාන්තභව දකින්න අමාරු වෙන්නේ නෑ.







දැන් පැත්තෙන් තියෙන පින්තූරය බලන්නකො. බලන්න මුහුනේ දුක්මුසු ඉරියව්වක් පේනවද කියලා.මේක පින්තූරයක් නිසා පිළිම මුහුනේ තාත්වික බව මතු වෙලා පෙන්නේ නෑ. ඒ නිසා මං කියන දේ ඔයාලට නොපෙනෙන්නෙත් පුලුවන්. එහෙම වුනයි කියලා මට බනින්න නම් එපා හොදේ. මං ආටිකල් එකේ මුලින්ම කිව්ව විදියට පිළිමයෙන් මට පෙනුනු දේ, පින්තූර වලින් පෙනෙනවනම් එයාට මේක වැදගත් ආටිකල් එකක් වේ. එහෙම නැති කෙනෙකුට මේක කිසිම වැදගත් කමක් නැති ආටිකල් එකක් වෙන්නත් පුලුවන්.







දැන් පිළිම මුහුනේ දකුණු පස බලන්නකො. සිනාසෙන මුහුනක් දකින්න පුලුවන්ද. එහෙම පෙනුනා නම් මං ආටිකල් එක දාපු එකේ වටිනාකමක් තියෙනවා. එකම පිළිමයක මුහුනේ තුන් පැත්තකින් ඉරියව් තුනක්. පුදුමයි නේද.


ඒ වගේම තමා මං කියන දේ කාට හරි නොපෙනුනා නම් ඒක එයාලට තමන්ගේ පියවි ඇසින්ම දැක ගන්න අවස්ථාවක් තියෙනවා. මං ආටිකල් එකේ මුලින් සදහන් කරපු පිළිම වුනු අනුරාධපුර සමාධි පිළිමයත්, තොලුවිල සමාධි පිළිමයත්, එහෙම නැත්නම් මේ පින්තූර දාල තියෙන අනුරාධපුර කෞතුකාගරයේ සමාධි පිළිමයත් ආයිත් පාරක් දැකපු වෙලාවක හොදට නිරීක්ෂණය කරලා බලන්න මං කියන දේ පේනවද කියලා.


අනුරාධපුර සමාධි පිළිමය සොයා ගන්න අවස්ථාවෙදි එහි නාසය කැඩිලයි තිබිලා තියෙන්නේ. ඒ නිසා පිළිමය ප්‍රතිසංස්කරණය කොට නාසය හා මුහුනේ කොටසක් අලුතින් හදලා තියෙනවා. ඒ නිසා මුහුනේ ඉරියව් මෙලෙස විවිධ ආකාරයට පෙනෙනව කියලා කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. ඒත් අනිත් පිළිම දෙක පෙර කළ පැවති ස්වරූපයෙන්ම අදටත් දකින්න පුලුවන්.


තවත් කාරණයක් තියෙනවා. මේ පිළිම හැම එකකම ඇස් වලට මැණික් ගල් පලදවලා තිබිලා තියෙනවා. නිධන් හොරුන්ගේ ග්‍රහනයට ලක් වෙලා අද වෙනකොට ඒ පලදවපු මැණික් ගල් දකින්න ලැබෙන්නේ නෑ. ඇස් වල වුනු මේ වෙනස්කම නිසා මුහුනේ විව්ධ පැති වලින් විවිධ ඉරියව් ආවා කියලත් මතයක් තියෙනවා. මොකද සමහරු කියන්නේ බුදු පිළිමයක සිනාසෙන හා දුක් වෙන ඉරියව් නිරූපණය කරන්නේ නෑ කියලා.


කොහොම වුනත් මේ ආටිකල් එක සංවාදයට විවෘතයි. ඔයාලට මේ ගැන හිතෙන දේත් කියලම යන්න.

රතට රතේ එරබදු මල්
සවන් පිනන කොහෝ ගැයුම්
සිතට නැගෙන නව පැතුමන්
සිහ අවුරුදු මුව හසරැල්


සිරිත් විරිත් හා යුතුකම්
ඉටු කරමින් එකතු වෙමින්
තරහ මරහ අතැර සිතින්
ගෙමි අවුරුදු අසිරි පැතුම්
වෙලාවට පසුත් බැරි
වෙලාවට පෙරත් බැරි
නැකත . . . .

කලට වෙලාවට, හරිම
තිතකටම කෙරෙන
නැකත . . . .

එකෙක් දෙකෙකුට නොව
හැමකෙකුට, රටකටම
නැකත . . . .

සියලු වැඩ අත් හැරා
එක සිතින්, එක වැඩක්
නැකත . . . .

කෑමටත්, බීමටත් සියලු
වැඩ ඇල්ලුමත්, එක වෙලේ
නැකත . . . .

වෙලාවට නොකෙරුනොත්
සිට යුතුය තව වසක්
නැකත . . . .

සාමය, සමගිය රැදූ
එකම සහයෝගයක්
නැකත . . . .
ප්ලෑන් එකක් එහෙම නැත්නම් සැලැස්මක් කියන්නේ අපේ වැඩක් හරියට, පිළිවෙලකට, වෙලාවට කරගන්න උදව් වෙන හොදම දෙයක් කිව්වොත් ඒකේ වරදක් නෑ. එදිනෙදා ජීවිතයේ සැලැස්මක් ඇතිව වැඩ කරනව නම් ජීවිතේ සාර්ථකත්වය කරා යන්න ලේසියි කියන කතාව ඔයාලත් අහලා ඇතිනේ. ජීවිතේ ප්ලෑන් එකකට අනුව වැඩ කරගෙන යනකොට ඒවා විටින් විට වෙනස් කරන්න වෙන්නේ දවසින් දවස අපේ ආශාවන්, අවශ්‍යතාවයන් වලට අනුව අපේ වැඩ කටයුතු වෙනස් වෙන හින්දයි. ඒ කොහොම වෙතත් ගොඩක් වෙලාවට ප්ලෑන් කියන එක කියපු අපේ හිතට එන්නේ, ගෙයක් හදනව නම් මේකක් ඕනැමයි කියලයි.


ඇත්තටම ගෙයක්, ගොඩනැගිල්ලක්, එහෙමත් නැත්නම් යම්කිසි ආකාරයේ ඉදිකිරීමකට නැතිවම බැරි වගේම, පළමුවෙන්ම හදා ගත යුතු දේ තමා ප්ලෑන් එක. මේ වගේ කාරණේකට ප්ලෑන් අදින්න අපි හැමෝටම බෑ. ඒකට ඒ විෂය සම්බන්ධයෙන් දැනුමක්, පළපුරුද්දක් ඇති කෙනෙක්ගෙ උදව්ව ගන්න වෙනවා. නිකමට හිතමු අපි ගෙයක් හදන්න යනවා කියලා. එහෙනම් මුලින්ම අපේ හිතට නැගෙන අදහසට අනුව, අපිට ගේ හදන්න ඕනෑ කොහොමද කියලා ප්ලෑන් එක අදින පුද්ගලයට කියන්න ඕනෑ. ඊට පස්සේ අදාල ගෘහ නිර්මාණ ශිල්පියයි ( ගෙයක් හදන්න ප්ලෑන් එකක් අදින්න ඕනෑ වුනොත් වැඩ්පුරම යන්නේ මේ පුද්ගලයා ගාවට තමයි ) අපියි කතා බහ කරලා ආර්ථික මට්ටම, ඉදිකරන තැනේ භූගෝලීය පිහිටීම, වැඩ අවසන් කරන්න ගත වන කාලය ආදිය සලකලා බලලා අපිට ඕනෑ ප්ලෑන් එක ඇද ගන්නවා.


අපි ඉදිකිරීම් වලට ගන්න ප්ලෑන් දැකලා ඇති. ප්ලෑන් එකක් අනුව ගෙයක් හදලා ඇති. ඒත් අපි කවදාවත් මේ ප්ලෑන් එකේ ඉතිහාසය ගැන හොයන්න නම් මහන්සි වෙලා නෑ නේද. හුටපටයා මේ කියන්න යන්නේ අපේ රටෙන් හම්බ වුණ පැරණිම ප්ලෑන් එකක් ගැන. මේ ප්ලෑන් එක ඔයලාත් දැකලා ඇති. ඒත් ඒ ගැන සැලකිල්ලක් ගත්තේ නැති නිසා ඒක මොකක්ද කියන එක ඔයාලට තේරුණේ නැතිව ඇති. කමක් නෑ. උඩින්ම තිබ්බ පින්තූරේ දිහා ආයිත් පාරක් හොදින් බලන්නකො.


මේක අනුරාධපුර කෞතුකාගරයේ තියෙන තවත් පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගල් පුවරුවක්. මේක හොයාගෙන තියෙන්නේ
ජේතවනාරාම දාගැබ ප්‍රතිසංස්කරණ කටයුතු වලදි. දැනට වසරකට පමණ පෙර ප්‍රතිසංස්කරණය කරලා ඉවර වුණ ජේතවනාරාම දාගැබේ මුල්ම ප්ලෑන් එක මේ ගල් පුවරුවයි. ප්‍රතිසංස්කරණයට කලින් හරියට හැඩයක් නැති වෙන තරමටම හානි වෙලා තිබ්බ ජේතවනාරාම දාගැබ මේ ආකාරයේ හැඩයකට නැවත ප්‍රතිසංස්කරණය කරන්න මේ ප්ලෑන් එකෙන් උදව් අරන් තියෙනවා.


ඇත්තටම මේක පුදුම හිතෙන කාරණාවක් නේද. ක්‍රි.ව 276 - 303 කාලයේදී රජකම් කරපු මහසෙන් රජතුමා ඉදිකරන ලද, ලෝකයේ උසම ගඩොල් වලින් කරවන ලද නිර්මාණයක් වන ජේතවනරමයේ ප්ලෑන් එක මේ විදියට අදටත් දකින්න ලැබෙන එක. හිතලා බලන්න හැම දෙයක්ම ගොඩ නගන්න කලින් ප්ලෑන් එකේ වටිනාකම අද වගේම ඈත අතීතයෙත් ප්‍රයෝජනවත් වූ ආකරය.


හැම දේකටම, හැම වෙලාවටම ප්‍රයෝජනයක් නැති වුනත්, ප්ලෑන් එකක් අපේ සාර්ථකත්වය කරා ගෙනියන්න කරන්නේ ලොකු උදව්වක්. අපිට පුලුවන් වුනොත් අපේ වැඩ වලටත් හොද ප්ලෑන් එකක් හදා ගන්න ඒක අපේ වැඩේට පහසුවක් වගේම, හොද අවසානයකුත් ලබා දෙයි. ඔයාලත් ප්ලෑන් එකකට අනුව වැඩ කරලා ජීවිතේ සාර්ථකත්වයකට ලගා වෙන්න, හිතා ගන්න හොදේ.

ඔය සිනා නෙතු කැලුම් දැක මසිත බැදිලා
සිත් හැගුම් වේදනා පහලන්න සිතලා
හද පතුලෙ ගැඹුරින්ම කිමිදිලා සොයලා
සොදුර නුඹ වෙත දුන්නෙ ආදරේ පුදලා

නොහැකි මුත් අත ගන්න මා දුරයි සිටිනා
කරන්නට දෙයක් නැත මගෙ කරුමෙ පෙරදා
ඔබ වෙතම හිත පුදා දුක් විදිමි සැමදා
මතු අත් භවයෙ වත් මගෙ වෙන්න කියලා

රබර් සෙරෙප්පු කියන වචනෙ කාටත් අමතක වෙන වචනයක් නම් නෙමෙයි. කොටින්ම කිව්වොත් අපිත් එක්ක ඉන්න ගොඩක් දෙනෙක් දවසෙන් වැඩි හරියක් ඒ කියන්නෙ දවසෙන් භාගෙකටත් වැඩිය රබර් සෙරෙප්පු දාගෙන ඉන්නේ. සමහරු ඉතින් උදේ නැගිට්ටාම දා ගන්න සෙරෙප්පු දෙක ආයි ගලවන්නේ රෑට ඇදට යන කොටනේ. ඒ කෙසේ වෙතත් මිදුලට බහින්න, කඩේට යන්න, එහා ගෙදර ගිහින් පොඩි චැටක් දාන්න වගේම, ටොයිලට් එකට යන්නත් නැතිම බැරි දේනේ රබර් සෙරෙප්පුව කියන්නේ.


කාලෙන් කාලෙට වෙනස් වෙලා ආවට මොකද රබරක් (මෙතන රබරක් කිව්වෙ රබර් සෙරෙප්පුවට මයි හොදේ) දා ගත්තාම බලන්න එපෑ කකුලට තියන සනීපෙ. සැන්ඩ්ල්ස් දෙකක්, සපත්තු ජෝඩුවක් දානවා වගේ නෙමේ මේක. ජීවිතේ එක පාරක් හරි රබර් සෙරෙප්පුවක් දාපු කෙනෙකුට නම් මේ ගැන කියලා වැඩක් නෑ. මොකද ඒ ගොල්ලො මේ වෙනස දන්නවා. ඉස්සර නම් ඉතින් ප්ලේන් සෙරෙප්පු තමා හැමෝම දැම්මේ. එත් ඒක වෙනස් වෙලා දැන් වැඩිපුර දාන්නේ ඩොට් තියන සෙරෙප්පු. (දැන් කිව්වට මේ කියන ජාතිය ඇවිල්ලා දැන් ටිකක කල්) සෙරෙප්පුවේ හැඩය ගැන කතා කලොත් මුලින්ම ආවේ මූණ රවුම් සෙරෙප්පු.ඒකට පස්සෙ මුණ හතරැස් සෙරෙප්පු ආවා. කොහොම වුනත් මේ ජාති දෙකේම රබර් සෙරෙප්පු අඩු වැඩියක් නැතිව ඕනෑම සෙරෙප්පු විකුණන කඩේක දකින්න පුලුවන්. දකින්න පුලුවන් කිව්වට දැකලා වැඩක් නෑ. අපිට දාලා බලන්නයි තියෙන්නේ. වැඩි ගානක් වෙන්නැති නිසා මේ හැම වර්ගයක් වගේම දාලා බැලුවා නම් තමා හොද. එතකොට තමන්ට ගැලපෙන රබර් සෙරෙප්පු ජෝඩුවක් ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්.


අපේ අක්කලා, නංගිලා වගේම ඇන්ටිලා, සමහර හැට පැන්න ආච්චිලත් හොයා ගන්න පැෂන් වලට රබර් සෙරෙප්පුවත් අහුවුණා. දැන් කාලේ පාරට බැස්සාම පාට පාට, එක එක වැඩ දාපු සෙරෙප්පු ඔයලාත් ඕන තරම් දැකලා ඇති. රෝස පාට, ලා නිල් පාට, කොල, දම්, රතු වගේම හැම පාටක වගේම රබර් සෙරෙප්පු තියෙනවා. මේවා දැන් කෙල්ලො විතරක් නෙමේ අපේ පුරුෂ පාර්ශවයත් පාවිච්චි කරන්න සෙට් වෙලයි ඉන්නේ. බාටා, ඩී.එස්.අයි, රන්පා, ලක්පා, සනීපා වගේම ගොඩක් වෙළද නාම වලින් අපේ කකුලට දාන්න තමා සෙරෙප්පුව හැදිලා තියෙන්නේ.


දුගී දුප්පතාගේ ඉදන් ලොකු ලොකු සල්ලි තියෙන නෝනා මහත්තයා ලත් ජීවිතේ එක පාරක් හරි රබර් සෙරෙප්පුවක් දාලා ඇති. දුප්පත් පෝසත් භේදේ වැඩිපුරම තියෙන මේ වගේ ලෝකෙක හැමෝම පාවිච්චි කරන එකම භාණ්ඩයත් රබර් සෙරෙප්පුව කියලා වෙලාවකට හිතෙන එකේ වරදක් නෑ.


කොච්චර කොහොම වුණත් රබර් සෙරෙප්පුවක් පරිස්සම් කරන එක ලේසි පහසු වැඩක් වෙන්නෑ. මළ ගෙදර, දාන ගෙදර, පිරිත් ගෙදර, පන්සලේ, පල්ලියේ වගේම ඕනෑම පොදු තැනක සෙරෙප්පුවක් ගැලෙව්වොත් ඇහැ ගහගෙන ඉන්න ඕනේ. නැත්නම් ඉතින් හොද තැනක හංගන්න ඕනෑ. අනිත් හැම සෙරෙප්පුවට වඩා මේක බලපාන්නේ රබර් සෙරෙප්පුවට. මොකද අපේ අයියලා සෙට් වෙලා ඉන්නේ සෙරෙප්පුවටත් ගේම දෙන්නනේ. හරියට පරිස්සම් කලේ නැත්නම් අන්තිමට ගෙදර අරන් යන්න වෙන්නේ පරණ රබර් සෙරෙප්පුවක් තමා. වැරදිලා මාරු වුණා කියලා හිත හදා ගන්න බැරි, දාගෙන ආපු රබර් සෙරෙප්පු දෙකෙයි, අන්තිමට දාගෙන යන්න වුණ දෙකෙයි වෙනස දැක්කමනේ.


රබර් සෙරෙප්පුව අපේ ජීවිත වලට කොච්චර සමීපද කියලා හිතලා බැලුවොත් අපේ ජිවිතේ සෑහෙන්න සිදුවීම් එක්ක, රබර් සෙරෙප්පුවේ තියෙන්නේ පුදුම සම්බන්ධයක්. වැඩිය නොකිව්වට මොකද මං මේ ආටිකල් එක ටයිප් කරන්නෙත් රබර් සෙරෙප්පු ජෝඩුවක් දාගෙන. මොකද කිව්වොත් මගේ කොම්පියුටරේ කරන්ට් එක ලීක් වෙන නිසා. ඒ තරමට අපිට වටින භාණ්ඩයක් තමා රබර් සෙරෙප්පුව. ඉතින් ඉඩ තියෙන වෙලාවක ලස්සනට, හැන්ඩියට වගේම, පයට පෑගෙන හිරිකිතටත් දාන, කවුරුත් නොහිතන රබර් සෙරෙප්පුව ගැන ඔයලාත් හිතලා බලන්න.

දන්නවාද මට තනිව
නිදන්නට නොහැකි බව
නුඹ මතක් වී මගේ
හිත කීරි ගැසෙන බව
නුඹෙන් තොර වෙන ලොවක්
කොහිද මට සිතන්නට
සත්තකින් ආදරෙයි
මම නුඹට හැමදාම . . . . .

තාම මම ඉන්නේ බ්ලොග් එකේ Construction අවදියේ. තාම Theme එක හදනවනේ. ඉක්මණටම මම බ්ලොග් එක ලියන්න පටන් ගන්නව හොදේ . . .