ඔය සිනා නෙතු කැලුම් දැක මසිත බැදිලා
සිත් හැගුම් වේදනා පහලන්න සිතලා
හද පතුලෙ ගැඹුරින්ම කිමිදිලා සොයලා
සොදුර නුඹ වෙත දුන්නෙ ආදරේ පුදලා

නොහැකි මුත් අත ගන්න මා දුරයි සිටිනා
කරන්නට දෙයක් නැත මගෙ කරුමෙ පෙරදා
ඔබ වෙතම හිත පුදා දුක් විදිමි සැමදා
මතු අත් භවයෙ වත් මගෙ වෙන්න කියලා

රබර් සෙරෙප්පු කියන වචනෙ කාටත් අමතක වෙන වචනයක් නම් නෙමෙයි. කොටින්ම කිව්වොත් අපිත් එක්ක ඉන්න ගොඩක් දෙනෙක් දවසෙන් වැඩි හරියක් ඒ කියන්නෙ දවසෙන් භාගෙකටත් වැඩිය රබර් සෙරෙප්පු දාගෙන ඉන්නේ. සමහරු ඉතින් උදේ නැගිට්ටාම දා ගන්න සෙරෙප්පු දෙක ආයි ගලවන්නේ රෑට ඇදට යන කොටනේ. ඒ කෙසේ වෙතත් මිදුලට බහින්න, කඩේට යන්න, එහා ගෙදර ගිහින් පොඩි චැටක් දාන්න වගේම, ටොයිලට් එකට යන්නත් නැතිම බැරි දේනේ රබර් සෙරෙප්පුව කියන්නේ.


කාලෙන් කාලෙට වෙනස් වෙලා ආවට මොකද රබරක් (මෙතන රබරක් කිව්වෙ රබර් සෙරෙප්පුවට මයි හොදේ) දා ගත්තාම බලන්න එපෑ කකුලට තියන සනීපෙ. සැන්ඩ්ල්ස් දෙකක්, සපත්තු ජෝඩුවක් දානවා වගේ නෙමේ මේක. ජීවිතේ එක පාරක් හරි රබර් සෙරෙප්පුවක් දාපු කෙනෙකුට නම් මේ ගැන කියලා වැඩක් නෑ. මොකද ඒ ගොල්ලො මේ වෙනස දන්නවා. ඉස්සර නම් ඉතින් ප්ලේන් සෙරෙප්පු තමා හැමෝම දැම්මේ. එත් ඒක වෙනස් වෙලා දැන් වැඩිපුර දාන්නේ ඩොට් තියන සෙරෙප්පු. (දැන් කිව්වට මේ කියන ජාතිය ඇවිල්ලා දැන් ටිකක කල්) සෙරෙප්පුවේ හැඩය ගැන කතා කලොත් මුලින්ම ආවේ මූණ රවුම් සෙරෙප්පු.ඒකට පස්සෙ මුණ හතරැස් සෙරෙප්පු ආවා. කොහොම වුනත් මේ ජාති දෙකේම රබර් සෙරෙප්පු අඩු වැඩියක් නැතිව ඕනෑම සෙරෙප්පු විකුණන කඩේක දකින්න පුලුවන්. දකින්න පුලුවන් කිව්වට දැකලා වැඩක් නෑ. අපිට දාලා බලන්නයි තියෙන්නේ. වැඩි ගානක් වෙන්නැති නිසා මේ හැම වර්ගයක් වගේම දාලා බැලුවා නම් තමා හොද. එතකොට තමන්ට ගැලපෙන රබර් සෙරෙප්පු ජෝඩුවක් ලේසියෙන්ම හොයා ගන්න පුලුවන්.


අපේ අක්කලා, නංගිලා වගේම ඇන්ටිලා, සමහර හැට පැන්න ආච්චිලත් හොයා ගන්න පැෂන් වලට රබර් සෙරෙප්පුවත් අහුවුණා. දැන් කාලේ පාරට බැස්සාම පාට පාට, එක එක වැඩ දාපු සෙරෙප්පු ඔයලාත් ඕන තරම් දැකලා ඇති. රෝස පාට, ලා නිල් පාට, කොල, දම්, රතු වගේම හැම පාටක වගේම රබර් සෙරෙප්පු තියෙනවා. මේවා දැන් කෙල්ලො විතරක් නෙමේ අපේ පුරුෂ පාර්ශවයත් පාවිච්චි කරන්න සෙට් වෙලයි ඉන්නේ. බාටා, ඩී.එස්.අයි, රන්පා, ලක්පා, සනීපා වගේම ගොඩක් වෙළද නාම වලින් අපේ කකුලට දාන්න තමා සෙරෙප්පුව හැදිලා තියෙන්නේ.


දුගී දුප්පතාගේ ඉදන් ලොකු ලොකු සල්ලි තියෙන නෝනා මහත්තයා ලත් ජීවිතේ එක පාරක් හරි රබර් සෙරෙප්පුවක් දාලා ඇති. දුප්පත් පෝසත් භේදේ වැඩිපුරම තියෙන මේ වගේ ලෝකෙක හැමෝම පාවිච්චි කරන එකම භාණ්ඩයත් රබර් සෙරෙප්පුව කියලා වෙලාවකට හිතෙන එකේ වරදක් නෑ.


කොච්චර කොහොම වුණත් රබර් සෙරෙප්පුවක් පරිස්සම් කරන එක ලේසි පහසු වැඩක් වෙන්නෑ. මළ ගෙදර, දාන ගෙදර, පිරිත් ගෙදර, පන්සලේ, පල්ලියේ වගේම ඕනෑම පොදු තැනක සෙරෙප්පුවක් ගැලෙව්වොත් ඇහැ ගහගෙන ඉන්න ඕනේ. නැත්නම් ඉතින් හොද තැනක හංගන්න ඕනෑ. අනිත් හැම සෙරෙප්පුවට වඩා මේක බලපාන්නේ රබර් සෙරෙප්පුවට. මොකද අපේ අයියලා සෙට් වෙලා ඉන්නේ සෙරෙප්පුවටත් ගේම දෙන්නනේ. හරියට පරිස්සම් කලේ නැත්නම් අන්තිමට ගෙදර අරන් යන්න වෙන්නේ පරණ රබර් සෙරෙප්පුවක් තමා. වැරදිලා මාරු වුණා කියලා හිත හදා ගන්න බැරි, දාගෙන ආපු රබර් සෙරෙප්පු දෙකෙයි, අන්තිමට දාගෙන යන්න වුණ දෙකෙයි වෙනස දැක්කමනේ.


රබර් සෙරෙප්පුව අපේ ජීවිත වලට කොච්චර සමීපද කියලා හිතලා බැලුවොත් අපේ ජිවිතේ සෑහෙන්න සිදුවීම් එක්ක, රබර් සෙරෙප්පුවේ තියෙන්නේ පුදුම සම්බන්ධයක්. වැඩිය නොකිව්වට මොකද මං මේ ආටිකල් එක ටයිප් කරන්නෙත් රබර් සෙරෙප්පු ජෝඩුවක් දාගෙන. මොකද කිව්වොත් මගේ කොම්පියුටරේ කරන්ට් එක ලීක් වෙන නිසා. ඒ තරමට අපිට වටින භාණ්ඩයක් තමා රබර් සෙරෙප්පුව. ඉතින් ඉඩ තියෙන වෙලාවක ලස්සනට, හැන්ඩියට වගේම, පයට පෑගෙන හිරිකිතටත් දාන, කවුරුත් නොහිතන රබර් සෙරෙප්පුව ගැන ඔයලාත් හිතලා බලන්න.

දන්නවාද මට තනිව
නිදන්නට නොහැකි බව
නුඹ මතක් වී මගේ
හිත කීරි ගැසෙන බව
නුඹෙන් තොර වෙන ලොවක්
කොහිද මට සිතන්නට
සත්තකින් ආදරෙයි
මම නුඹට හැමදාම . . . . .

තාම මම ඉන්නේ බ්ලොග් එකේ Construction අවදියේ. තාම Theme එක හදනවනේ. ඉක්මණටම මම බ්ලොග් එක ලියන්න පටන් ගන්නව හොදේ . . .