මුලින්ම කියන්න ඕනෑ මේ ආටිකල් එක වැඩක් ඇති එකක් වෙන්නත් පුලුවන් ඒ වගේම කිසිම වැඩක් නැති එකක් වෙන්නත් පුලුවන් කියලා. එතකොට ආටිකල් එක කියවලා, මේක කිසිම වැඩක් නැති එකක් කියලා, මට බනින අය ටිකක් හරි අඩු වෙයිනේ. කොහොම වුනත් මේක මට විතරක් පෙනුන දෙයක් නම් නෙමේ. තවත් ගොඩ දෙනකුට මේක දැක ගන්න ලැබුනලු. ඉතින් මං හිතුවා මේ ගැන ඔයාලටත් කිව්වොත් හොදයි කියලා.


සමාධි පිළිමය කිව්වහම අපි ගොඩ දෙනෙකුටම මතක් වෙන්නේ අනුරාධපුර සමාධි පිළිමය. මොකද අනුරාධපුර සමාධි පිළිමය නොදැකපු කෙනෙක් හොයා ගන්න අමාරු තරම්. බුදුරජාණන් වහන්සේ සමාධි ඉරියව්වෙන් වැඩ සිටින, ගලින් නිමවූ පිළිම අතර අනුරාධපුර සමාධි පිළිමය ලොකු ප්‍රසිද්ධියක් උසුලනවා. මේ පිළිමය සොයා ගත්ත ස්ථානයේම, ප්‍රතිසංස්කරණය කරලා අදටත් දැක ගන්න පුලුවන්. තොලුවිල සමාධි පිළිමයත් ඉතා ඉහල කලාත්මක නිර්මාණයක්. අනුරාධපුර සමාධි පිළිමය තරම් ප්‍රසිද්ධියක් නැති වුනත් සමාධි පිළිම ගැන කතා කරද්දි අමතක කරන්න බැරි නිර්මාණයක්.තොලුවිල සමධි පිළිමය ප්‍රතිසංස්කරණය කළාට පස්සේ කොළඹට ගෙනාවා. කොළඹ ජාතික කෞතුකාගාරයට ඇතුල් වන දොරටුව ඉදිරිපසම දක්නට ලැබෙන්නේ තොලුවිල සමාධි පිළිමයයි.


මං මේ ආටිකල් එකේ දාලා තියෙන්නේ ඒ පිළිම දෙකේම අසමශිලී නිර්මාණකත්වයට සමාන කළ හැකි වූ තවත් එක් සමාධි පිළිමයක්. මේ පිළිමය හම්බ වුනේ අනුරාධපුර කෞතුකාගරයෙන්. දැන් මං හදන්නේ වැඩිය විස්තර කරන්නේ නැතිව මං කියන්න හිතාගෙන ආපු දේ ඔයාලට කියන්නයි.


මුලින්ම බලන්නකො ආටිකල් එකේ උඩින්ම තිබ්බ පින්තූරය දිහා. මේක සමාධි පිළිමයේ ඉදිරිපස. බුදුරජාණන් වහන්සේ අපරිමිත කරුණාවෙන් ලෝකය දිහා බලන ආකාරයයි මේ ඉරියව්වෙන් පෙන්නුම් කරන්නේ.හොදට නිරීක්ෂණය කරලා බැලුවොත් පිළිම මුහුනේ තියෙන ශාන්තභව දකින්න අමාරු වෙන්නේ නෑ.







දැන් පැත්තෙන් තියෙන පින්තූරය බලන්නකො. බලන්න මුහුනේ දුක්මුසු ඉරියව්වක් පේනවද කියලා.මේක පින්තූරයක් නිසා පිළිම මුහුනේ තාත්වික බව මතු වෙලා පෙන්නේ නෑ. ඒ නිසා මං කියන දේ ඔයාලට නොපෙනෙන්නෙත් පුලුවන්. එහෙම වුනයි කියලා මට බනින්න නම් එපා හොදේ. මං ආටිකල් එකේ මුලින්ම කිව්ව විදියට පිළිමයෙන් මට පෙනුනු දේ, පින්තූර වලින් පෙනෙනවනම් එයාට මේක වැදගත් ආටිකල් එකක් වේ. එහෙම නැති කෙනෙකුට මේක කිසිම වැදගත් කමක් නැති ආටිකල් එකක් වෙන්නත් පුලුවන්.







දැන් පිළිම මුහුනේ දකුණු පස බලන්නකො. සිනාසෙන මුහුනක් දකින්න පුලුවන්ද. එහෙම පෙනුනා නම් මං ආටිකල් එක දාපු එකේ වටිනාකමක් තියෙනවා. එකම පිළිමයක මුහුනේ තුන් පැත්තකින් ඉරියව් තුනක්. පුදුමයි නේද.


ඒ වගේම තමා මං කියන දේ කාට හරි නොපෙනුනා නම් ඒක එයාලට තමන්ගේ පියවි ඇසින්ම දැක ගන්න අවස්ථාවක් තියෙනවා. මං ආටිකල් එකේ මුලින් සදහන් කරපු පිළිම වුනු අනුරාධපුර සමාධි පිළිමයත්, තොලුවිල සමාධි පිළිමයත්, එහෙම නැත්නම් මේ පින්තූර දාල තියෙන අනුරාධපුර කෞතුකාගරයේ සමාධි පිළිමයත් ආයිත් පාරක් දැකපු වෙලාවක හොදට නිරීක්ෂණය කරලා බලන්න මං කියන දේ පේනවද කියලා.


අනුරාධපුර සමාධි පිළිමය සොයා ගන්න අවස්ථාවෙදි එහි නාසය කැඩිලයි තිබිලා තියෙන්නේ. ඒ නිසා පිළිමය ප්‍රතිසංස්කරණය කොට නාසය හා මුහුනේ කොටසක් අලුතින් හදලා තියෙනවා. ඒ නිසා මුහුනේ ඉරියව් මෙලෙස විවිධ ආකාරයට පෙනෙනව කියලා කෙනෙකුට තර්ක කරන්න පුලුවන්. ඒත් අනිත් පිළිම දෙක පෙර කළ පැවති ස්වරූපයෙන්ම අදටත් දකින්න පුලුවන්.


තවත් කාරණයක් තියෙනවා. මේ පිළිම හැම එකකම ඇස් වලට මැණික් ගල් පලදවලා තිබිලා තියෙනවා. නිධන් හොරුන්ගේ ග්‍රහනයට ලක් වෙලා අද වෙනකොට ඒ පලදවපු මැණික් ගල් දකින්න ලැබෙන්නේ නෑ. ඇස් වල වුනු මේ වෙනස්කම නිසා මුහුනේ විව්ධ පැති වලින් විවිධ ඉරියව් ආවා කියලත් මතයක් තියෙනවා. මොකද සමහරු කියන්නේ බුදු පිළිමයක සිනාසෙන හා දුක් වෙන ඉරියව් නිරූපණය කරන්නේ නෑ කියලා.


කොහොම වුනත් මේ ආටිකල් එක සංවාදයට විවෘතයි. ඔයාලට මේ ගැන හිතෙන දේත් කියලම යන්න.

Comments (10)

On May 1, 2010 at 10:44 AM , nadeesthoughts said...

මටනම් ඔය කියපු දේ පෙනිලා නෑ.
දාල තියන පින්තූරවලින් ඒ බව පේන්නෙත් නෑ.

අනුරාධපුරේ සමාධි පිළිමෙට (මෑතකදි) දාල තියන නහයනම් වස කැතයි. පොඩ්ඩක්වත් ගැලපෙන්නෙ නෑ ඒ පිළිමෙට.

 
On May 1, 2010 at 12:05 PM , dutugemunu said...

මමත් ලගදි ඔය කෞතුකාගරෙට ගියා. බලන්න දේවල් ගොඩක් තිබ්බ.
ඔබ කියන කතාව ඇත්ත. එක තමයි සමධි පිලිමයෙ සුවිශේෂත්වය.
ස්තූති ඔබගේ උනන්දුව ගැන.

 
On May 1, 2010 at 12:21 PM , හුටපටයා said...

@ nadeesthougths -- පින්තූර වලින් පේනවා අඩුයි. මුහුනේ තාත්වික බව රූපයකට ගන්න බෑ. ද්විමානව විතරයි රූපයෙන් පේන්නේ. සැබෑ පිළිමයක මේක බලන්න පුලුවන්. හැබැයි හැම පිළිමෙම නෙමේ. මම කියපු පිළිම වල.

@ dutugemunu -- කවුරුත් නොදැකපු, නොහිතපු දෙයක් ගැන අවධානය යොමු කරන්නයි මට ඕනේ වුනේ. ඒක සාර්ථකයි වගේ.

 
On May 1, 2010 at 3:04 PM , Raven said...

මුහුණේ ඉරියවු නම් හරිහැටි නිරීක්ෂණය කරන්න අපහසුයි මිත්‍රයා මේ පින්තූර වලින් මට. කෙසේ නමුත් විවිධ මත ගෙන හැර පාමින් ඔයා මෙහි කරල තිබෙන විමසුම සිත් ගත්තා.
පියවි ඇසින් දැක බලාගත් විටක මේ කරුණු ගැන අවධානය යොමු කරන්නට මම උත්සාහ ගන්නම්. ස්තූතියි මේ ලිපියට.

 
On May 1, 2010 at 3:20 PM , විශ්මි said...

ඔයා කියපු දේවල් නම් මේ පින්තූර වලින් නිරීක්ෂණය කරන්න අමාරුයි සහෝ... හැබැයි ගිහින්ම බලන්න හැකි වුන දවසක මෙහෙම තත්වයක් තියේද කියලා අනිවාර්යෙන්ම බලන්නම්..... ස්තුතියි මේ ලිපියට.........

 
On May 2, 2010 at 8:48 AM , ``` Outsider``` said...

බොහොවිට අතීත නිර්මාණකරුවන්ගේ නිර්මාණශීලීභාවය අදහන්න බැරිතරම් විශිෂ්ඨයි කියල පෙනීයනව. මේ පින්තූර වලින් ඔයා කියන දේ අපැහැදිලි වුණත් බලන්න ගිය වෙලාවක මේ ගැන බලන්නම්.

 
On May 2, 2010 at 8:34 PM , හුටපටයා said...

අනිවාර්යයෙන්ම . . . ආයිත් පාරක් මං කියපු සමාධි පිළිමයක් දැක්ක වෙලාවක, කියලා තියන දේවල් හරිද කියලා බලන්න. මාත් තව කරුණු හොයනවා මේ ගැන. බුදු පිළිම නෙලීම මාරම කලාවක්. ස්තුතියි අදහස් දක්වපු හැමෝටම.

 
On May 2, 2010 at 11:15 PM , ප්‍රබෝධ... said...

ane penna bang :(

 
On May 2, 2010 at 11:24 PM , හුටපටයා said...

පිළිමයක් බලන්න සෙට් වුන දවසක බලපන් පේනවද කියලා

 
On June 7, 2014 at 2:03 PM , Niranjan Karunathilake said...

http://sirilakasarisara.blogspot.com/2014/06/toluvila-buddha-statue-masterpiece-of.html