අන්නාසි මල කිව්වහම මේ ආටිකල් එක කියවන අයට අමුත්තක් දැනෙන්න පුලුවන්. මොකද අන්නාසි ගැන අපි හොදට දන්නව වුනාට අන්නාසි මල ගැන හොයන්න අපි කවුරුත් උත්සහ කරල නැති නිසා. ඒත් අපේ පාරම්පරික චිත්‍ර කලාවෙදි, එහෙමත් නැත්නම් කැටයම් කලාවෙදි නම් අන්නාසි මලට වැදගත් තැනක් හිමි වෙලා තිබුණා. දැනට ඉතුරු වෙලා තියෙන චිත්‍ර, කැටයම් ඒකට සාක්ෂි දරනවා.







මේ ආටිකල් එක ලියන්නේ අපි එදිනෙදා දන්න කියන අන්නාසි මල ගන කියන්න නෙමේ. අපි කෑමට ගන්න රසවත් පලතුරක් වූ අන්නාසි ගෙඩියේ හැඩයට සමාන මලක් පිපෙන පැලයක් ගැන. හොදට මේ පින්තූර දිහා බලන්නකෝ. අන්නාසි ගෙඩියක හැඩරුව මේ මලට ලැබිල තියෙන හැටි. පුදුමයි නෙද ?. ඔයාලටත් හැබැහින් මේ මල දකින්න අවස්ථාවක් ලැබුනොත් බලන්න හුටපටයා කිව්ව දේ හරි නේද කියලා.

Comments (9)

On June 20, 2010 at 11:01 AM , පබලු said...

mama nam me dekkamai mehema malak.me male nama mokakda?

 
On June 20, 2010 at 11:56 AM , ඉලංදාරියා said...

සිරාවටම අන්නසි වගෙම නේ...ලස්සනයි...

::::ස්තුතිය සහෝ::::

 
On June 20, 2010 at 12:56 PM , හා පැටික්කි (MS) said...

අපේ ඉස්කෝලේ පැලයක් තිබුන මතකයි..... මේ වට සමහරු නම් වල් අන්නාසි කියනව.........

 
On June 20, 2010 at 1:30 PM , හුටපටයා said...

@ පබලු - - මේ පැලේ අපේ ගෙදර තියෙනවා. දැනට අවුරුදු 3 කට විතර කලින් පැල කලේ. තාම මේ විදියේ මලක් ආවේ නම් දෙපාරයි.

@ ඉලංදාරියා - - මේක අන්නාසි වගේමයි මචන්. මල ටිකක් පොඩි හැබැයි.

@ හා පැටික්කි - - ඇත්තම කියනවා නම් මාත් තාම මේ පැලේ නම දන්නේ නෑ. තාම නම හොයනවා මාත්.

 
On June 20, 2010 at 1:54 PM , සසීන්ද්‍ර වීරසිංහ said...

මෙහෙනම් ඕකට කියන්නෙ මල් අන්නාසි කියල. අපේ ගෙදරත් තියනව..

මමත් දවසක් මේ ගැන හොයල බැලුව පොඩි ඔපරේෂන් 1ක් දීල. ඉදිච්ච ගෙඩියක් කපල , අර සුවඳමයි. රහනම් බලන්න බයයි, ඒත් මම හිතනව මේකත් කන්න පුලුවන් වෙයි කියල.

 
On June 20, 2010 at 2:08 PM , හුටපටයා said...

මේක අන්නාසි වල Duplicate Version එක වගේ. ඒත් මේකෙ නම තමා දන්නේ නැත්තේ.

 
On June 20, 2010 at 4:01 PM , Hasitha said...

ගහක් උඩ ගෙඩියක් ගෙඩියක් උඩ ගහක් කිව්වලු :)

 
On June 20, 2010 at 4:17 PM , හුටපටයා said...

එහෙම කිව්වෙත් අන්නාසි වලටනේ මචන් . . .

 
On June 20, 2010 at 8:04 PM , ජංජාල චාමර said...

අපේ ගෙදරත් තියෙනවා!!!!!!!! :) හැබැයි මලක් පිපෙන්නේ ආත්මෙකට වතාවයි :(((