මුලින්ම කියන්න ඕනෑ මේක ආටිකල් එකක් වෙන්නත් පුලුවන් එහෙමත් නැත්නම් නිකන්ම නිකන් ෆොටෝ ටිකක් වෙන්නත් පුලුවන්. කොහොම වුනත් මට ඕනෙ වුනේ මං දැකපු දෙයක් ඔයාලටත් දකින්න සලස්වන්නයි. සේරටම කලින් මේ ෆොටෝ ටික බලලා ඉන්නකො.




ඔයාලා කලින් දැකලා තියනවද මේ වගේ සතෙක්. මං මේ ෆොටෝ ටික ගත්තේ කොහොඹ ගහක් ලග. මේ සතා කොහොඹ කොලේ හැඩරුවට අනුවර්තනය වෙලා තියෙන හැටි පුදුමයි නේද ?














ඇත්තටම මේ සතාගේ නම මොකක්ද ? මේ වගේ හැඩහුරු කම් තියෙන සත්තුන්ට කියන්නේ වන්දා කියලා. මෙයලා තමන් ජීවත් වෙන පරිසරයෙ හැටියට හැඩහුරුකම වෙනස් වෙනවා. මං මේ දැක්කේ කොහොඹ ගහක් ලග හිටිය වන්දෙක්. ඒ නිසා මෙයගේ හැඩහුරුකම කොහොඹ කොලේ හැඩයකට සමානයි. හොදට බැලුවේ නැත්තම් මෙයාව හදුනා ගන්නත් බැරි වෙනවා. කොහොඹ කොලයක් කියලා රැවටෙනවා.


අපි ජීවත් වෙන පරිසරය කොතාම් පුදුමාකාරද, අපි තව නොදැක්ක දේවල් කොච්චර නම් ඇත්ද ? මේ වගේ දෙයක් දකින්න ලැබෙන්නේ කලතුරකින්. ඒකයි මේ ෆොටෝ ටික බ්ලොග් එකේ දාන්න හිතුනේ ඔයාලටත් බලා ගන්න. ඔයලාටත් මේවගේ පුදුම හිතෙන දෙයක් දකින්න ලැබුනොත් මටත් කියන්න හොදේ.

නටු අගක පිපුන
මට දුරින් පිපුන
මගේ සිත බැදුන
සුවද මල නුඹ . . . .

මා පෙමින් බැදුන
නෙලුමටම හිතුන
නමුදු ඉඩ නොදුන
සුවද මල නුඹ . . . .
කටාරම . . ඇත්තටම කටාරමක් කියන්නේ මොකක්ද ? කටාරමකින් වෙන්නේ මොකක්ද ? කියලා හොයන්න හුටපටයට ආසා හිතුණා. ඒකේ ප්‍රතිපලයක් විදියට තමා කටාරම කියන නමින් ආටිකල් එකක් ලියන්න හිතුනෙ. මේ ආටිකල් එක කියවන හැමෝම වගේ මං දාලා තියෙන වීඩියෝ එක බැලුවා නම් තමා හොද. එතකොට කටාරමක් කියලා කියන්නේ මොකක්ද කියලා ලේසියෙන්ම ඔයාලටත් තේරුම් ගන්න පුලුවන්


මේ ආටිකල් එක පල්ලෙහා තියන වීඩියෝ එක දඹුල්ල රජ මහා විහාරයේදි ගත්ත එකක්. වීඩියෝ එක බලමු ගමන්ම කටාරමක් කියන්නේ මොකක්ද කියලයි, කටාරමකින් වෙන්නේ මොකක්ද කියලයි ලේසියෙන්ම තෙරුම් යනවා.


ඉස්සර කාලේ ස්වාමීන් වහන්සේලාගේ ප්‍රයෝජනයට වැඩි වශයෙන්ම යොදා ගෙන තිබුනේ ගල් ගුහා. භාවනා කටයුතු සදහා ස්වාමීන් වහන්සේලා වනගත පෙදෙස් තෝරා ගත්තහම උන්වහන්සේලගේ ප්‍රයෝජනයට ගත හැකි වන අයුරින් මේ ගල් ගුහා සකස් කෙරුණා. ස්වාභාවික පරිසරයේ ඇති නිස්කලංක බව නිසා මේ ගල් ගුහා භාවනා කුටි වශයෙන් යොදා ගත්තා කියලා ඉතිහාසයේ සදහන් වෙනවා.


ගල් ගුහාව පිහිටි ආකාරයෙන්ම භාවිතා කරන්න ගියාම නොයෙකුත් දුෂ්කරතා වලට මුහුන දෙන්න සිද්ද වෙලා තියෙනවා. ඒ අතරින් ප්‍රදානම වෙලා තිබුන දෙයක් තමා වැස්ස වෙලාවට ගල උඩට වැටෙන වතුර ගල දිගේ පහලට ගලා ගෙන ඇවිත් ගුහාව ඇතුලට වතුර පිරෙන එක. මේක වලක්වන්න ගල් ගුහාවට උඩින් කට්ටයක් කෙටුවා.


ගල උඩින් කොටපු කට්ටය නිසා ගල දිගේ පහලට ගලා ගෙන ආපු වතුර ගුහාව ඇතුලට නොවැටි පහලට වැටුනා. මේ විදියට ගල් ගුහාවට උඩින් කපපු කට්ටයට තමා කටාරම කියන්නේ. ඉස්සර කාලේ ගල් ගුහාවක කටාරම් කොටලා ගල් ගුහාව භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනයට ගත හැකි වෙන අයුරින් සකස් කරලා පන්සල් වලට පූජා කරල තියෙනවා. මෙහෙම ගල් ගුහා පූජා කරපු උදවියගේ නම්, ගම් පවා සටහන් කරලා කොටලා තියෙන සෙල් ලිපි ඒකට සාක්ෂි දරනවා.


ආයිත් දවසක පැරණි විහාරස්ථානයක ගල් ගුහාවක් දකින්න ලැබුනොත් ඔයාලත් බලන්න කටාරම කොටලා තියෙන්නේ කොහොමද කියලා. ලංකාව පුරාම විසිරිලා තියෙන ගොඩක් ගල් ගුහා වල කටාරම් කොටලා තියෙන නිසා, ඔයාලටත් ඉක්මණින්ම කටාරමක් දකින්න අවස්ථාවක් ලැබෙයි.