
රැගෙන නුඹ විහිලුවට
සෙල්ලම් කළ ආදරය
නොවැටහුනි නුඹ අගය
නික්ම යන තුරුත් . . .
කඩ කරපු පොරොන්දු
මතක් වෙන හැම විටත්
කළ වැරදි මතක් වී
දැනුදු පසු තැවෙමි මම . . .
නුඹ නික්ම යන තුරුම
නොවැටහුනු කරුමයම
නුඹේ වටිනාකම අද
දනිමි මම හොදින් . . .
නුඹේ ලොව මගේ කර
මවෙත පිදු සෙනෙහෙබර
ආදරය දැනුණි නම්
නුඹ මා ලග අදත් . . .
Comments (5)
කොහොමටත් ලඟ තියෙන කොට එකේ අගය තෙරෙන්නේ නෑ නේද...අපූරු පද ටිකක්...
ලග ඉන්න කොට අගය තේරුනේ නෑ මචන්. දැන් තමා වටිනාකම තේරෙන්නේ.
සම්පූර්ණ ඇත්ත. ලස්සන කවියක්
මා පිදූ ආදරය
නුඹ ලඟත් තිබුණිනම්.......
ඇත්තමයි සහතිකයි
මම නුඹේ ලඟ තවත්.........
නුඹ පිදූ ආදරය මා ලගත් තිබුණි මුත්
මගේ පෙර කරුමෙකට
පෙන්නුමට නොහැකි වුණි . . .
මගේ වරද පළමු වී
මගේ සිත බිද දමා
නුඹ මගෙන් වෙන් වුනෙහි . . .