නෙතු අතර දග කෙරුව
රුව මසිත ඇද බැන්ද
පෙම් බැදුනු සිත නුඹට
පුද කරමි දිවි තුරුම

මට ලංව මා ලගම
මගේ තුරුලෙහි දැවටි
ගතින් නුඹ දුර වුවත්
සිතින් නුඹ නෑ දුරක

ඇත්තටම මේ ආටිකල් එක ලියන්න හිතුනේ නිකමට. මම මගේ බ්ලොග් එකට ආවේ ගොඩ කලෙකින්. ඒ ආපු වෙලේ මට ඇතිවුනේ මාරම දුකක්. බ්ලොග් එකේ කිසිම active බවක් නෑ. ආපස්සට හැරිලා බැලුවොත් මේකට වග කියන්න ඕනේ වෙන කවුරුවත් නෙමේ, මං මයි. මට තියෙන වෙලාවත් එක්ක බිලොග් එකට එන එක ටික ටික අඩු වෙලා ගිහින්. ඉස්සර වගේ නෙමේ ගෙදර එන්නේ සතියකට වරක් දෙවරක් නිසා internet ඉන්නත් තියන වෙලාව අඩුයි. ඒකත් මේකට හේතුවක් වුනා.

මං දැන් පුදුම තරම් කාර්යබහුල වෙලා. ජීවිතේ සමහර පැති වලින් මං ටිකින් ටික ඉස්සරහට යනවා. ඒ වගේම දුකින් වුනත් කියන්න වෙනවා මගේ ආදරේ නම් දැන් ඉවරෙටම ඉවර වෙලා. කොච්චර ප්‍රශ්න ආවත්, affair එකක් නෑ කියලා ගොඩ කාලයක් වුනත් මේ මෑතක් වෙනකල්ම මායි එයයි අතර පොඩිම connection හරි එකක් තිබුනා. ඒත් අද වුනු වැඩක් නිසා මට නම් හිතුනේ ඒ ආදරෙත් සදහටම ඉවරයි කියලා. මේක ඇත්තටම මගේ කරුමයක්ද කොහේද ?. මාත් එක්ක කෙල්ලන්ට ඉන්න බෑ වගේ.

ජිවිතේ සමහර පැති නම් දැන් හිතුවටත් වඩා වේගෙන් ඉස්සරහට යනවා. අධ්‍යාපනය වගේම රස්සාවත් දැන් ෂේප් එකේ නැගලා යනවා. බෝඩිම් ජීවිතේත් දැන් නම් අවුලක් නෑ වගේ. ඒත් මේ සතියේ නම් මාරම දුකක් මට ඇති වුනේ. මහප්පා අපි කාටවත් නොකියා අපිව දාලා ගියා. මහප්පා කියන්නේ මාරම හොද මිනිහෙක් කියලයි මට හිතෙන්නේ. මහප්පා මගේ ජීවිතේට කොච්චර නම් සමීප වෙලා හිටියද කියල මතක් වෙනකොටත් ඇඩෙනවා. මනුස්සකම තිබ්බ මිනිහෙක් මට නැති වුනා.

මට මේ ටික බ්ලොග් එකට ලියන්න ඕනෑ කියලා හිතුනේ නිකමට. මගේ ජීවිතේ ගැන මම ආඩම්බර වෙනවා. කොච්චර problems ආවත් මට ජීවිතේට මුහුන දෙන්න පුලුවන් කියලා මට හිතෙනවා. ඒත් මේ ආටිකල් එක ඉවර කරන්න කලින් දෙයක් ඔයාලට කියන්න හිතුනා. කොච්චර වැඩ තිබුනත් තමන් ආදරේ කරන කෙනාට දීලා තියෙන, දීලා තිබුන වෙලාව කොයි වෙලාවෙවත් අඩු කරන්න එපා. එහෙම වුනොත් ඔයාලටත් වෙන්නේ මං වගේ ආදරෙන් පරාද වෙන්නයි.