මදු මලක් ලෙස වින්ද ආදරේ
දහස් වර සිතු පැතුම් සාගරේ
ලැබුණු මුදු සුව වෙතට මා කෙරේ
ඉවත ලන්නේ කෙලෙස එක දිනේ

ලැබෙන බව ඇය දිනක මතු දිනේ
සිතෙන මුත් එය නොවෙති කිසි දිනේ
තවත් බඹරෙකු ලංව ඈ කෙරේ
සුව විදිනු දැක ඉදිමි මා කෙසේ

මගේ ජීවිතේට හම්බ වෙච්ච කෙල්ලෝ අතරෙ එක එක අය ගන මගේ හිතේ ඇති වෙච්ච හැගීම් පුදුමාකාරයි. වෙලාවකට දුක, සතුට, ආදරේ, තරහව වගේම නොයෙක් නොයෙක් ආකාරයේ සිතුවිලි ඒ අතර පිරිලා තිබුණා. කා ගැන වුනත් වෛර සිතුවිල්ලක් ඇති වෙන එක හොද දෙයක් නොවුනත් එක කෙල්ලෙක් ආශ්‍රය කරදදි මගේ හිතේ ඇති වුනේ පුදුමාකර වෛරයක්. මගේ ජීවිත කාලෙටම කෙල්ලෙක් ගැන මට මෙහෙම හිතුනාමයි. මං පණ වගේ ආදරේ කරපු කෙල්ල මාව දාල ගියත් මට හිතුනේ මට එයා නොලැබුනත් එයා හොදින් ඉන්න ඕනේ කියලයි.

මට මෙහෙම එක සිද්ධියක් ගැන ලියන්න හිතුනේ ගිය සතියේ වුණ එක්තරා සිදුවීමක් නිසා. මම office ගිය මුල්ම දවසේ මාව train කරන්න සෙට් වුනේ කෙල්ලෙකුට. දහස් වාරයක් හොද supervisor කෙනෙක් මට ලැබිලා තිබුණත් මේ නපුරු කෙල්ල ලොකු කමක් මවාගෙන මගේ supervisor වෙන්න තමයි ගියේ. academic knowledge එක තිබුණට industry එකට අවශ්‍ය practical knowledge එක හරියට නොතිබුන නිසා මං මුල් දවස් වල වැටුනේ ලොකු අමාරුවක. මේ දවස් වල මගේ වටේ හිටිය අය මට ගොඩක් උදව් කළත් මේ gap එක පුරවල industry එකට ඕනෙ විදියට සෙට් වෙන්න මට ටිකක් අමාරු වුණා.

මාව train කරන්න සෙට් වෙච්ච කෙල්ල හැම වෙලේම කලේ මගේ වැරදි හොය හොය මාව නෝන්ඩි කරපු එක. " ඔයා මට වඩා අවුරුද්දක් වැඩිමල් නේද ? මේ පොඩි දේවත් දන්නේ නැත්නම් වැඩක් නෑ. මට බෑ මේවා කියලා දෙන්න. වෙන කෙනෙක් ගෙන් අහගන්න " " ඔයාලා degree එකක් කරනවා නේද ? මේවා ඉගෙන ගන්න ඕනෑ degree එකෙන් . . " " මට දැන් වැඩ . . පස්සේ අහගන්න. දැන් බෑ . . ." මේවගේ දාහක් දේවල් කියලා මගේ මානසිකත්වය බින්දුවටම දැම්මා. මෙයාට ඕනේ වුනේ මට එක එපා කරන්නද මන්දා . . .

ඒ මදිවට මෙයා මං ඉගෙන ගත්ත university එකත් නෝන්ඩි කළා. මේව කියල දෙන්නේ නැද්ද ඔයාලට. වැඩක් නෑ නේ ඔයාලෑ university එක. මේ වෙලාවට නම් මට ආවේ මාරම කෙන්තියක්. මට වැඩ බැරි වුනා කියලා මං ඉගෙන ගන්න university එක පලිද ?. මේ වගේ කුණු කතා අහ අහා මං ඒ කෙල්ල පස්සෙන් වැටි වැටී බල්ලා වගේ එයා කියල දීපු පොඩි දෙයක් හරි ඉගෙන ගත්තේ ඒ වෙලාවේ හැටියට මට කරන්න වෙන දෙයක් නොතිබුන නිසා.

සාමාන්‍යයෙන් අපේ office එකේ කෙනෙක්ගෙන් දෙයක් ඇහුවොත් මොන වැඩේ තිබුණත් තමන් දන්න දේ කියල දෙන්න තව කෙනෙක් පසුබට වෙන්නේ නෑ. ඒ තරම් friendly environment එකක් තමයි අපේ office එකේ තියෙන්නේ. ඕනේ වෙලාවක, රෑක දවාලේ කියල වෙනසක් නෑ , අපි seniors ලගේ උදව්වෙන් තමා ගොඩ යන්නේ. ඒ වගේ office එකක එක කෙල්ලෙක් විතරක් මට මෙහෙම කළා කියලා මතක් වෙන කොට හිතට එන තරහ කොහොමද ? මං ආපු මුල් දවස් වල වැඩිය කට්ට්ය අදුනන්නේ නැති නිසා මට මේ කෙල්ල වැඩි වැඩියෙන් සද්ද දැම්මා.

එයා හොදටම දැන ගෙන හිටියා මං මේ වෙලාවේ අසරණයි. ඒ නිසා නෝන්ඩි වෙවී එයාගෙන්ම අහ ගන්න එනව කියලා. මට මෙහෙම කළත් මං කවදාවත් මේ කෙල්ලට මොකුත් කිව්වේ නැත්තේ මට පොඩිම දෙයක් හරි කියලා දුන්න කෙනෙකුට එහෙම කරන එක හරි නෑනේ කියල හිතලා.

මේ කෙල්ලගේ ලොකු කම කොච්චරද කියනව නම් හම වෙලේම මාව පල්ලෙහාට දාලා කතා කළේ. මං වගේ පොඩි පවුලක කෙනෙක් ගැන එහෙම කරන්න හිතෙන්නේ ඇති එයාට. මට හොදට English කතා කරන්න බෑ. අපේ අම්මලා තාත්තලා දුප්පත් මිනිස්සු. ඇති නැති කමත් මතු වෙලා එන්න ඇති මොකද ඒකිට හොදට සල්ලි තියෙන නිසා. නමුත් මං මේ හැම දේම ඉවසන් හිටියේ job එක කරන්න මගේ තිබුන ලොකු ආසාව නිසා.

මං ඇවිත් මාස දෙකෙන් මේ කෙල්ල job එකෙන් අස් වෙලා ගියා. මාව වෙන team එකකට වැටුණා. මාත් මගේ පාඩුවේ වැඩ ටික කරන් ගියා. දන් මං ඉන්න තැන ගැන හිතුවාම මට සතුටුයි. මං කොච්චර අලුත් දේවල් ඉගෙන ගත්තද කියලා මේ පොඩි කාලෙට.

හැමදේම සාමකාමීව ගෙවිලා යද්දි මගේ මේ පරණ අමිහිරි මතකයන් ආයිත් හිතට ආවේ අහම්බෙන් වගේ. ගිය සුමානේ දවසක call එකකදි මේ කෙල්ල මට මාර සද්දයක්නේ දැම්මේ. මට බැනගෙන බැනගෙන ගියේ මං අපරාධ කාරයෙක් ගානට දාලා. " ඔයා හැමෝටම කිව්වා නේද මං ඔයාට මොකුත් කියලා දුන්නේ නෑ කියලා . . ඔයා හරි කුහකයි " මේවගේ කියාගෙන බැනගෙන බැනගෙන ගියා. මගේ හිතට ආවේ පුදුම කෙන්තියක්.

මේකිට පුදුම අමාරුවක්නේ තිබුනේ මට කියලා දුන්නා කියලා මං ලව්වා හැමෝටම කියව ගන්න. මංනේ දන්නේ මෙයා මට කියලා දුන්නේ කොහොමද කියලා. එහෙම මට කළත් මං මේ ආටිකල් එක ලියන කල් මේ කෙල්ල මට කරපු කුහකකම් කාටවත් කියලා නෑ. මගේ හිතේ ආපු කෙන්තිය නිවා ගන්න තමයි මට හිතුනේ මේ ඔක්කොම ලියලා හිත නිදහස් කර ගන්න ඕනේ කියලා. ඇත්තටම මෙයාට ඕනේ වුනේ මගේ supervisor වෙන්න. ඒත් මෙයාට අමතක වුනා මට දහස් වාරයක් හොද supervisor කෙනෙක් හිටියා කියලා.

කෙල්ලෙකුට වුනත් මෙහෙම බලු වෙන්න ඕනේ නෑ කවදාවත්. මේවා මගෙත් වැරදි. කට වහගෙන හිටිය එක. මෙහෙම කොහෙදවත් යන කෙල්ලෙකුට යටත් වෙලා මුල් කාලේ මට ඉන්න වුනාට දැන් අලුතෙන් එන trainee ලට senior අය උදව් කරන හැටි දැක්කාම මගේ හිතට එන්නේ පුදුම සතුටක්. ඒ මගේ අමිහිරි මතකයක් එයාලට උරුම නොවුන නිසා.