මගේ ජීවිතේට හම්බ වෙච්ච කෙල්ලෝ අතරෙ එක එක අය ගන මගේ හිතේ ඇති වෙච්ච හැගීම් පුදුමාකාරයි. වෙලාවකට දුක, සතුට, ආදරේ, තරහව වගේම නොයෙක් නොයෙක් ආකාරයේ සිතුවිලි ඒ අතර පිරිලා තිබුණා. කා ගැන වුනත් වෛර සිතුවිල්ලක් ඇති වෙන එක හොද දෙයක් නොවුනත් එක කෙල්ලෙක් ආශ්‍රය කරදදි මගේ හිතේ ඇති වුනේ පුදුමාකර වෛරයක්. මගේ ජීවිත කාලෙටම කෙල්ලෙක් ගැන මට මෙහෙම හිතුනාමයි. මං පණ වගේ ආදරේ කරපු කෙල්ල මාව දාල ගියත් මට හිතුනේ මට එයා නොලැබුනත් එයා හොදින් ඉන්න ඕනේ කියලයි.

මට මෙහෙම එක සිද්ධියක් ගැන ලියන්න හිතුනේ ගිය සතියේ වුණ එක්තරා සිදුවීමක් නිසා. මම office ගිය මුල්ම දවසේ මාව train කරන්න සෙට් වුනේ කෙල්ලෙකුට. දහස් වාරයක් හොද supervisor කෙනෙක් මට ලැබිලා තිබුණත් මේ නපුරු කෙල්ල ලොකු කමක් මවාගෙන මගේ supervisor වෙන්න තමයි ගියේ. academic knowledge එක තිබුණට industry එකට අවශ්‍ය practical knowledge එක හරියට නොතිබුන නිසා මං මුල් දවස් වල වැටුනේ ලොකු අමාරුවක. මේ දවස් වල මගේ වටේ හිටිය අය මට ගොඩක් උදව් කළත් මේ gap එක පුරවල industry එකට ඕනෙ විදියට සෙට් වෙන්න මට ටිකක් අමාරු වුණා.

මාව train කරන්න සෙට් වෙච්ච කෙල්ල හැම වෙලේම කලේ මගේ වැරදි හොය හොය මාව නෝන්ඩි කරපු එක. " ඔයා මට වඩා අවුරුද්දක් වැඩිමල් නේද ? මේ පොඩි දේවත් දන්නේ නැත්නම් වැඩක් නෑ. මට බෑ මේවා කියලා දෙන්න. වෙන කෙනෙක් ගෙන් අහගන්න " " ඔයාලා degree එකක් කරනවා නේද ? මේවා ඉගෙන ගන්න ඕනෑ degree එකෙන් . . " " මට දැන් වැඩ . . පස්සේ අහගන්න. දැන් බෑ . . ." මේවගේ දාහක් දේවල් කියලා මගේ මානසිකත්වය බින්දුවටම දැම්මා. මෙයාට ඕනේ වුනේ මට එක එපා කරන්නද මන්දා . . .

ඒ මදිවට මෙයා මං ඉගෙන ගත්ත university එකත් නෝන්ඩි කළා. මේව කියල දෙන්නේ නැද්ද ඔයාලට. වැඩක් නෑ නේ ඔයාලෑ university එක. මේ වෙලාවට නම් මට ආවේ මාරම කෙන්තියක්. මට වැඩ බැරි වුනා කියලා මං ඉගෙන ගන්න university එක පලිද ?. මේ වගේ කුණු කතා අහ අහා මං ඒ කෙල්ල පස්සෙන් වැටි වැටී බල්ලා වගේ එයා කියල දීපු පොඩි දෙයක් හරි ඉගෙන ගත්තේ ඒ වෙලාවේ හැටියට මට කරන්න වෙන දෙයක් නොතිබුන නිසා.

සාමාන්‍යයෙන් අපේ office එකේ කෙනෙක්ගෙන් දෙයක් ඇහුවොත් මොන වැඩේ තිබුණත් තමන් දන්න දේ කියල දෙන්න තව කෙනෙක් පසුබට වෙන්නේ නෑ. ඒ තරම් friendly environment එකක් තමයි අපේ office එකේ තියෙන්නේ. ඕනේ වෙලාවක, රෑක දවාලේ කියල වෙනසක් නෑ , අපි seniors ලගේ උදව්වෙන් තමා ගොඩ යන්නේ. ඒ වගේ office එකක එක කෙල්ලෙක් විතරක් මට මෙහෙම කළා කියලා මතක් වෙන කොට හිතට එන තරහ කොහොමද ? මං ආපු මුල් දවස් වල වැඩිය කට්ට්ය අදුනන්නේ නැති නිසා මට මේ කෙල්ල වැඩි වැඩියෙන් සද්ද දැම්මා.

එයා හොදටම දැන ගෙන හිටියා මං මේ වෙලාවේ අසරණයි. ඒ නිසා නෝන්ඩි වෙවී එයාගෙන්ම අහ ගන්න එනව කියලා. මට මෙහෙම කළත් මං කවදාවත් මේ කෙල්ලට මොකුත් කිව්වේ නැත්තේ මට පොඩිම දෙයක් හරි කියලා දුන්න කෙනෙකුට එහෙම කරන එක හරි නෑනේ කියල හිතලා.

මේ කෙල්ලගේ ලොකු කම කොච්චරද කියනව නම් හම වෙලේම මාව පල්ලෙහාට දාලා කතා කළේ. මං වගේ පොඩි පවුලක කෙනෙක් ගැන එහෙම කරන්න හිතෙන්නේ ඇති එයාට. මට හොදට English කතා කරන්න බෑ. අපේ අම්මලා තාත්තලා දුප්පත් මිනිස්සු. ඇති නැති කමත් මතු වෙලා එන්න ඇති මොකද ඒකිට හොදට සල්ලි තියෙන නිසා. නමුත් මං මේ හැම දේම ඉවසන් හිටියේ job එක කරන්න මගේ තිබුන ලොකු ආසාව නිසා.

මං ඇවිත් මාස දෙකෙන් මේ කෙල්ල job එකෙන් අස් වෙලා ගියා. මාව වෙන team එකකට වැටුණා. මාත් මගේ පාඩුවේ වැඩ ටික කරන් ගියා. දන් මං ඉන්න තැන ගැන හිතුවාම මට සතුටුයි. මං කොච්චර අලුත් දේවල් ඉගෙන ගත්තද කියලා මේ පොඩි කාලෙට.

හැමදේම සාමකාමීව ගෙවිලා යද්දි මගේ මේ පරණ අමිහිරි මතකයන් ආයිත් හිතට ආවේ අහම්බෙන් වගේ. ගිය සුමානේ දවසක call එකකදි මේ කෙල්ල මට මාර සද්දයක්නේ දැම්මේ. මට බැනගෙන බැනගෙන ගියේ මං අපරාධ කාරයෙක් ගානට දාලා. " ඔයා හැමෝටම කිව්වා නේද මං ඔයාට මොකුත් කියලා දුන්නේ නෑ කියලා . . ඔයා හරි කුහකයි " මේවගේ කියාගෙන බැනගෙන බැනගෙන ගියා. මගේ හිතට ආවේ පුදුම කෙන්තියක්.

මේකිට පුදුම අමාරුවක්නේ තිබුනේ මට කියලා දුන්නා කියලා මං ලව්වා හැමෝටම කියව ගන්න. මංනේ දන්නේ මෙයා මට කියලා දුන්නේ කොහොමද කියලා. එහෙම මට කළත් මං මේ ආටිකල් එක ලියන කල් මේ කෙල්ල මට කරපු කුහකකම් කාටවත් කියලා නෑ. මගේ හිතේ ආපු කෙන්තිය නිවා ගන්න තමයි මට හිතුනේ මේ ඔක්කොම ලියලා හිත නිදහස් කර ගන්න ඕනේ කියලා. ඇත්තටම මෙයාට ඕනේ වුනේ මගේ supervisor වෙන්න. ඒත් මෙයාට අමතක වුනා මට දහස් වාරයක් හොද supervisor කෙනෙක් හිටියා කියලා.

කෙල්ලෙකුට වුනත් මෙහෙම බලු වෙන්න ඕනේ නෑ කවදාවත්. මේවා මගෙත් වැරදි. කට වහගෙන හිටිය එක. මෙහෙම කොහෙදවත් යන කෙල්ලෙකුට යටත් වෙලා මුල් කාලේ මට ඉන්න වුනාට දැන් අලුතෙන් එන trainee ලට senior අය උදව් කරන හැටි දැක්කාම මගේ හිතට එන්නේ පුදුම සතුටක්. ඒ මගේ අමිහිරි මතකයක් එයාලට උරුම නොවුන නිසා.



Comments (11)

On January 16, 2011 at 6:48 PM , සියපත said...

උබ මචන් කටයුතු කරලා තියෙන්නේ නියම කොල්ලෙක් විදියට... උබේ ඉවසීම මම අගය කරනවා මචන්. මම උබ වුනානම් දමලා ගහලා යන්න යනවා... මට වැඩිය පුස් පාට් අල්ලන්නේ නැ.. උබ නියම මිනිහෙක් මචෝ.

 
On January 16, 2011 at 8:04 PM , හුටපටයා said...

පුස් පාට් ඉවසගෙන මාර අමාරුවෙන් මචන් හිටියෙ. කෙල්ලෙකුට උනත් ඔහොම පදිරි වෙලා ඉන්න බෑනේ.

 
On January 16, 2011 at 9:39 PM , ..ChAnDiKa.. said...

හපොය් ඔය වගේ එවුන් නම් මතක් කරන්න එපා බං. ෂික්...

ඒක නෙමෙයි සහෝ.. මමත් හොරණ. gehanchandika@gamil.com එකට මේල් එකක් දාපං. :)

 
On January 16, 2011 at 10:15 PM , Thilina Madhushankha said...

වැටෙන්න එපා බන්. ඕව ඔහොම තමයි. දන්නවනෙ අර බයිසිකල් පැදපු හාදයා ලාන්ස් ආම්ස්ට්‍රෝං. පොඩි කාලෙ, එයාගෙ තාත්තා එයාට බයිසිකල් පැඩල් එකකින් පවා ගහල තියෙනවලු. එයා දැන් ඉන්න තත්වයට එන්න ඒ දේවලුත් ගොඩක් බලපෑවා කියල, එයගෙ ජීවිත කතාව ගැන තිබ්බ ලිපියක මම කියවල තියෙනවා. පහුවෙන කොට, ඔය කටු කාපු අතීතය ගැන ගොඩක් සතුටු හිතෙයි. ඒ නිසා, පස්සෙ සතුටු වෙන්න පුලුවන් විදියට නිවැරදි දේ කරන්න උත්සහ කරන්න. :)

 
On January 16, 2011 at 10:20 PM , Kanishka | කණියා said...

මම නං අම්මපා ජොබ් එක එපා කියලා ඕකිට හොඳවයින් දෙකක් කියලා දිලා එනවා..

 
On January 17, 2011 at 1:04 AM , Anonymous said...

add ur blog http://syndi.lankablogger.info/

 
On January 17, 2011 at 8:11 AM , හුටපටයා said...

අමාරුවෙන් හොයා ගත්ත job එකනෙ මචන්. ඒකයි job එක දාලා නොගිහින් හිටියේ.

 
On January 17, 2011 at 1:08 PM , nawammawatha said...

උඹ නියම විදියට ගේම හැන්ඩ්ල් කරලතියෙනව. උඹට මල පැනල අරකිත් එක්ක ඇරගත්තනං එහෙම සමහර විට ජොබ් එක ගහල යන්නත් තුබුන උඹ අලුත් එකෙක් හන්ද, එතකොට උඹ පරාදයි.

 
On January 17, 2011 at 4:01 PM , ශාකුන්තල said...

මචෝ... කෙල්ලොත් එක්ක වැඩ කරන්න ඕනෙ විධියක් තියෙනවා... මම කියන්නෙ නෑ බලු වෙලා ඉන්න ඕනෙ කියලා.
ඒත් නෝන්ඩි කරනකොට, පුස් පාට් දානකොට ඒවා තඹ සතේකට ගනංගන්න එපා. ඒ සමහර කෙල්ලොන්ගෙ හැටි. By default. තව ටික කාලයක් එයා හිටියනං සමහරවිට සමහර දේවල් අහගන්න එයා උඹේ පස්සෙන් එන්නත් ඉඩ තිබුණ.

 
On January 21, 2011 at 9:47 PM , හුටපටයා said...

කෙල්ලො එපා වුනා මචන් මේ කෙල්ලෙගේ වැඩ නිසා. දැන් අවුලක් නෑ. මං මගේ පාඩුවේ ඉන්නවා. ඒකි දැන් නෑනේ office එකේ.

 
On February 5, 2011 at 8:46 PM , පූසා said...

මම නම් කියනවා ඒකිට @%$#^&*%$&