සිදුවීම 1
වෙලාව උදෑසන දහයයි
නුගේගොඩ ගුවන් පාලම අසල හරස් පාර

මම බෝඩිමේ ඉදන් ගෙදර යන ගමන්. එක් අතක office බෑග් එකක්. අනෙක් අතේ travelling බෑග් එකක්. Travelling බෑග් එකේ සුමානයක් පාවිචිචි කරපු ඇදුම් ඔක්කොම. බරට බරේ පැත්තක් පාත් වෙන තමටම travelling බෑග් එක එල්ලගෙන.

දැක පුරුදු මුහුණකි, මා නෙතග රැදුනේ
ඇය ටිකක් අමුතුවෙන් ඇඹෙරෙමින් සිටියේ
දෙවන වර නෙතු ලොකු කරන් බැලුවේ
පෙම්වතා සමග ඈ කෙලි දොලින් සිටියේ

මාර් සීන් එකක් තමා. කාලෙයකට ඉස්සර මාත් එක්ක පෙමින් බැදුනු ඇය, ඇගේ පෙම්වතා සමග. මට මාරම අමුත්තක් දැනුනේ. අපේ බෝඩිමට යන පාරේ film හෝල් එකක් තියන නිසා මේ වෙලාවට ඕන තරම් couple අහු මුලු වල ඉන්න එක සාමාන්‍ය දෙයක්. මොකද වෙලාව 10.30ට කිට්ටුයිනේ. එයත් එයාගේ පෙම්වතා එක්ක පාර අයිනේ තිබ්බ ලොතරැයි කූඩුවටයි, තාප්පෙටයි මුවා වෙලා තමා හිටියේ. මොන කරුමෙකට හරි අපි දෙන්නව එකට සෙට් වුනා මේ හදිස්සියේම.

සිදුවීම 2
වෙලාව උදෑසන එකොලහ මාරට කිට්ටුයි
පන්නිපිටිය මොරකැටිය හන්දිය

එක පාරටම මගේ ඉස්සරහින් ත්‍රී වීල් එකක් හරවලා යන්න පටන් ගත්තා. එකේ ඇතුලේ හිටියේ මීට පැය එකහ මාරකට කලින් දැකපු කෙනාමයි. මේක නම් හිතා ගන්න බැරි සිදුවීමක්. එයා පෙම්වතාට හේත්තු වෙලා පාර දිහා බලාගෙන. මාරම වැඩේ කියන්නේ මං එයා දිහා බලනකොටම, එයත් මං දිහා බලාගෙන. දෙන්නගෙන ඇස් ලොකුවෙලා. තත්පර දහයෙන් මේ ඔක්කොමත් වෙලා ත්‍රී වීල් එකත් යන්න ගියා.

සුමුදු සුකොමල අහිංසක බව
නෙතු පිනා යන ඇගේ හැඩරුව
පෙර දිනක ඈ මගේ සිත ලග
දග කෙරුව ඒ මිහිරි මතකය

නොසිටියත් ඈ මගේ ලග දැන්
වෙන කෙනෙකු වෙත අයිති වූවත්
කරන කියනා සියලු හැම දේ
සඵල වෙන්නයි මගේ පැතුමන්