සිදුවීම 1
වෙලාව උදෑසන දහයයි
නුගේගොඩ ගුවන් පාලම අසල හරස් පාර

මම බෝඩිමේ ඉදන් ගෙදර යන ගමන්. එක් අතක office බෑග් එකක්. අනෙක් අතේ travelling බෑග් එකක්. Travelling බෑග් එකේ සුමානයක් පාවිචිචි කරපු ඇදුම් ඔක්කොම. බරට බරේ පැත්තක් පාත් වෙන තමටම travelling බෑග් එක එල්ලගෙන.

දැක පුරුදු මුහුණකි, මා නෙතග රැදුනේ
ඇය ටිකක් අමුතුවෙන් ඇඹෙරෙමින් සිටියේ
දෙවන වර නෙතු ලොකු කරන් බැලුවේ
පෙම්වතා සමග ඈ කෙලි දොලින් සිටියේ

මාර් සීන් එකක් තමා. කාලෙයකට ඉස්සර මාත් එක්ක පෙමින් බැදුනු ඇය, ඇගේ පෙම්වතා සමග. මට මාරම අමුත්තක් දැනුනේ. අපේ බෝඩිමට යන පාරේ film හෝල් එකක් තියන නිසා මේ වෙලාවට ඕන තරම් couple අහු මුලු වල ඉන්න එක සාමාන්‍ය දෙයක්. මොකද වෙලාව 10.30ට කිට්ටුයිනේ. එයත් එයාගේ පෙම්වතා එක්ක පාර අයිනේ තිබ්බ ලොතරැයි කූඩුවටයි, තාප්පෙටයි මුවා වෙලා තමා හිටියේ. මොන කරුමෙකට හරි අපි දෙන්නව එකට සෙට් වුනා මේ හදිස්සියේම.

සිදුවීම 2
වෙලාව උදෑසන එකොලහ මාරට කිට්ටුයි
පන්නිපිටිය මොරකැටිය හන්දිය

එක පාරටම මගේ ඉස්සරහින් ත්‍රී වීල් එකක් හරවලා යන්න පටන් ගත්තා. එකේ ඇතුලේ හිටියේ මීට පැය එකහ මාරකට කලින් දැකපු කෙනාමයි. මේක නම් හිතා ගන්න බැරි සිදුවීමක්. එයා පෙම්වතාට හේත්තු වෙලා පාර දිහා බලාගෙන. මාරම වැඩේ කියන්නේ මං එයා දිහා බලනකොටම, එයත් මං දිහා බලාගෙන. දෙන්නගෙන ඇස් ලොකුවෙලා. තත්පර දහයෙන් මේ ඔක්කොමත් වෙලා ත්‍රී වීල් එකත් යන්න ගියා.

සුමුදු සුකොමල අහිංසක බව
නෙතු පිනා යන ඇගේ හැඩරුව
පෙර දිනක ඈ මගේ සිත ලග
දග කෙරුව ඒ මිහිරි මතකය

නොසිටියත් ඈ මගේ ලග දැන්
වෙන කෙනෙකු වෙත අයිති වූවත්
කරන කියනා සියලු හැම දේ
සඵල වෙන්නයි මගේ පැතුමන්



Comments (4)

On February 13, 2011 at 11:26 PM , සංජය said...

මාරයි හුටපටයා මාරයි
අද මගේ කාලෙයකට ඉස්සර මාත් එක්ක පෙමින් බැදුනු ඇය,(හැබැයි එක මම විතරක් කරපු පෙමක්ද දන්නේනැ ) ඇගේ පෙම්වතා සමග. අද මගේ ඉස්සරහටම සෙට් වුණා..මරු මරු මව දල ගියාම හිතුවේ නැතුව ඇති මම මේ තත්වේන් ඉන්න බැරිවේයි කියලා..
මුන්ට පේන්නන්න ඔනේ කොල්ලො කියන්නෙ බොරු අදරේට එහෙම ලෙසියෙන් වට්ටන්න පුලුවන් ජතියක් නෙවේ කියලා

 
On February 14, 2011 at 3:56 AM , නිම්ශා said...

ජිවිතේ ලග හුගාක් අය යනවා එනවා..හම්බ වෙනවා ...
ජිවිතේ කියන්නේ නවාතැනක් නේ අපිට හම්බුන..අපිටවත් අපිව අයිති නැනේ..අපිත් අපිවම දාලා කවදා හරි යන්න ඔනා නේ... ඔය වගේ දෙවල් වෙනවා...එත් අතීතය අමතක කරන්නයි බැරි... අතීතයේ උන්න අය හම්බවෙද්දි අපි නොහිතාම ඒ අතිතයට යනවා...නැවතත් ටිකකින් නැවතත් පුරුදු පරිදි යථාතත්වේමයි...

 
On February 16, 2011 at 7:19 AM , හුටපටයා said...

මාත් හිතනවා කාලයත් එක්ක මට හැමදේම අමතක වෙලා යයි කියලා. අතීතය ගැන හිත හිත තැවෙන එක තේරුමක් නැති වැඩක්නේ. අනික කවදාවත් එයාව මට ලැබෙන එකකුත් නෑ. එහෙම එකේ එයා ගැන හිතුවා කියලා වැඩක් නෑනේ.

 
On May 9, 2011 at 7:54 AM , StArry aNgeL said...

බැඳීම් ඇති වෙනකොට සතුටක් වගේම බැඳීම් නැති වෙනකොට ලොකු දුකක් දැනෙන එක සාමාන්‍ය දෙයක්. එත් මේ ජීවිතේ අපිට ලැබෙන්න තියෙන දෙයක් එපා කියල නවත්තන්න වත් නොලැබෙන්න තියෙන දෙයක් බලෙන් ලබා ගන්න වත් පුළුවන් කමක් නෑ. එත් අපිට පුළුවන් හිත හදා ගන්න. ජීවිතේ හැම වෙලේම අපිට නරක දෙයක් දෙන්නේ නෑ. නරක දේවල් ගොඩක් එක්ක ගොඩාක් වටිනා එක හොඳ දෙයක් දෙනවා. ඔයාගේ ජීවිතේට ලැබුණු හොඳ දේවල් ටික හොයා ගන්න. පරණ කුණු ගොඩවල් ජීවිතෙන් ඈත් කරලා දාන්න.