වෙලාව හවස 7ට විතර.
මහජන පුස්ථකාලය කොළඹ.
දන්න කියන පොඩි කෙල්ලෙක් හැන්ගුනා හොරවටම . . .
මතක් වුනා,
පෙර කල ගෙවපු අතීතය.
කොහොමද හිටියේ . . . මොනවද කලේ . . . .
කොහොමද සද්දේ දැම්මේ . . . .

තව දවසක් 138 බස් එකක.
දන්න කියන කෙනක්,
දන්නැති කොල්ලෙක් එක්ක මුකුලු වෙනවා . . . .
මතක් වුනා ඒ කාලේ . . . . . .
දුකයි . . . . . දුකක් නැත්තෙත් නෑ.
ඒත් සතුටුයි . . . . . .


"නුඹ දන්නවනම්,
මම නුඹට පෙම් බදින තරම් . . .
නුඹට ඇසෙනවනම්,
මසිත නුඹ අබියස ගැහෙන තරම් . . .
නුඹ දකිනවනම්,
නුඹ නමින් මා හඩන තරම් . . .
අනේ නුඹට හැගෙනවනම්,
මට නුඹෙන් තොර ලොවක් නැති තරම් . . . "

Comments (3)

On March 24, 2012 at 8:40 PM , මධුරංග said...

මටත් ඔය සීන් එකම තමා මචං !!!

 
On March 24, 2012 at 11:53 PM , Shadow/හේමලයා said...

නුඹ දන්නවනම්......nothing else to say ne....:P

 
On April 1, 2012 at 7:25 AM , හුටපටයා said...

@මධුරංග - මොනවා කරන්නද මචන් ඉවසන් ඉන්නව ඇරෙන්න.

@හේමලයා - ඒ වුනාට එක්ක ලියලා තියෙන එක හොදයි නේද ? එයාටයි, මටයි අනිත් හැමෝටමයි අපේ ආදරේ ගැන දැන ගන්න.