අලුත් අවුරුද්ද කියලා
හැමදාම මෙහෙම කන්නේ නෑනේ කියලා,
බඩ කට පැලෙනකල්
තෙල් සීනී හොදට දාපු කැවිලි ගොඩක් කාලා
ඒත් මදි නිසා
කෑමකට කියලා නෑදෑ ගෙවල් වලට ගිහින්
දවල්ටයි රෑටයිත්
බඩ කට පැලෙන්න
ප්‍රරිඩ් රයිසුත් කාලා,
මස් කට්ටකුත් සූප්පු කරලා
ලොකු වෙලා තිබ්බ බඩ තව ලොකු වෙන්න,
කොලොස්ට්‍රොල්, සීනී යකාට යවන්න
හොදට කාලා, ආතල් එකේ
අරක්කු ටිකකුත් බිව්වාම තමා
අවුරුදු කෑවා කියන්නේ

Comments (5)

On April 14, 2012 at 10:19 AM , ජංජාල චාමර said...

අන්තිම පේලි දෙක ඇරෙන්න , ඉතුරු ටිකනං අවුරුදු තමයි :)))

 
On April 14, 2012 at 10:43 AM , Kenji. Japan said...

Anthima tika nathnam ape ayata monawa thibunath wadak nahane.

 
On April 15, 2012 at 1:46 PM , හුටපටයා said...

අන්තිම පේලි දෙක නැතුවත් අවුරුදු තියෙනවා තමයි. ඒත් ඉතින් සමහර අයට ඒක නැතුව මොන අවුරුද්ද ආවත් වැඩක් නෑනේ.

 
On April 25, 2012 at 9:35 PM , බන්දුගෙ ලෝකය said...

ඇයි අමතක උණාද? අතේ තිබුණු තුට්ටු දෙකට වෙච්ච දේ වගේම ණයට ලැබුණු පෙස්ටිවල් ඇඩ්වාන්ස් එකට කෙළ වෙච්ච හැටි...
ඒක ගැනත් ලිව්වා නම් මසුරන් අදහස් ටිකක් වෙයි

 
On April 26, 2012 at 4:04 PM , බිඟූ...! said...

මට බොන්න උනේ නැ බන්