අලුත් අවුරුද්ද කියලා
හැමදාම මෙහෙම කන්නේ නෑනේ කියලා,
බඩ කට පැලෙනකල්
තෙල් සීනී හොදට දාපු කැවිලි ගොඩක් කාලා
ඒත් මදි නිසා
කෑමකට කියලා නෑදෑ ගෙවල් වලට ගිහින්
දවල්ටයි රෑටයිත්
බඩ කට පැලෙන්න
ප්රරිඩ් රයිසුත් කාලා,
මස් කට්ටකුත් සූප්පු කරලා
ලොකු වෙලා තිබ්බ බඩ තව ලොකු වෙන්න,
කොලොස්ට්‍රොල්, සීනී යකාට යවන්න
හොදට කාලා, ආතල් එකේ
අරක්කු ටිකකුත් බිව්වාම තමා
අවුරුදු කෑවා කියන්නේ
9:49 AM |
Category:
අත්දැකපු,
හිතෙනවට
|
බලා හිදිමි ඔබ එනතුරු
නොපියාම මගෙ දෑස
මග බලන බලපොරොත්තුවක්
වී ඔබ ඇවිදින් ඇත
හැමදාමත්ම . . .
ආත්මය පුරාම
මගේ ජීවිතය ලෙසට . . .
6:07 PM |
Category:
නිකමට,
හිතෙනවට
|

සමරු සටහන් අතර නෙත සොරා ගෙන
පියමන් කරයි
හැම මොහොතකම ඔබ හට
පවසන්නට හැකි නම් සදාකල්හිම
ඔබ සමගම ලංකර
මගේ හිතේ
ඔබ වෙනුවෙන් උපන් ආදරය
කොපමණ ගැඹුරුද යන්න වග
3:15 PM |
Category:
ආදරය
|

වෙලාව හවස 7ට විතර.
මහජන පුස්ථකාලය කොළඹ.
දන්න කියන පොඩි කෙල්ලෙක් හැන්ගුනා හොරවටම . . .
මතක් වුනා,
පෙර කල ගෙවපු අතීතය.
කොහොමද හිටියේ . . . මොනවද කලේ . . . .
කොහොමද සද්දේ දැම්මේ . . . .
තව දවසක් 138 බස් එකක.
දන්න කියන කෙනක්,
දන්නැති කොල්ලෙක් එක්ක මුකුලු වෙනවා . . . .
මතක් වුනා ඒ කාලේ . . . . . .
දුකයි . . . . . දුකක් නැත්තෙත් නෑ.
ඒත් සතුටුයි . . . . . .
"නුඹ දන්නවනම්,
මම නුඹට පෙම් බදින තරම් . . .
නුඹට ඇසෙනවනම්,
මසිත නුඹ අබියස ගැහෙන තරම් . . .
නුඹ දකිනවනම්,
නුඹ නමින් මා හඩන තරම් . . .
අනේ නුඹට හැගෙනවනම්,
මට නුඹෙන් තොර ලොවක් නැති තරම් . . . "
3:00 PM |
Category:
අත්දැකපු,
මතකයන්
|

Office එකක තනියම වැඩ කරන්න අමාරුයි. මොකද හැම වැඩකටම dependency එකක් තියන නිසා තවත් office එකේම කෙනෙක් එක්ක. ඒ dependency එක මං වැඩ කරන software company එකක වගේ නම් හොදටම වැඩියි. මොකද අපි දන්න දේ ගොඩක් අඩු නිසා හා අපේ වැඩ ටික කර ගන්න අපිට තවත් කෙනෙකුගේ සහය බොහෝ විට අවශ්‍ය නිසා. මේවගේ දේවල් නිසා office එකේ එකට ඉන්න අය අතර friendship ඇති වෙන එක සාම්‍යය දෙයක්. ඒත් අපේ Team එකේ අපි අතර (Yasinduගේ words වලින් කියනවා නම් same corporate title එකේ ඉන්න අපේ අය ) තියෙන්නේ ඊට වඩා බැදුනු එකක් කියලයි මට හිතෙන්නේ.
ඒවගේ අපිත් එක්ක එකට වැඩ කරපු, එකට කාලා බීලා පිස්සු නටපු (බීපු කිව්වට මූ බොන එකෙක් නම් නෙමේ, අපි බොන කොට බලන් හිටිය එකෙක් )හොද යාලුවෙක් අද අපේ office එකන් Kenya වට යවනවා office එකේම වැඩ වලට. ඉතින් අපෙන් ටික දවසකට දුරස් වෙලා Kenya වට යන යාලුවට සුභ පතන්නයි මේක ලියන්න හිතුනේ.
ඔබ ලබපු අත්දැකිම් . . .
ඔබ ලබපු ගැරහුමුත් . .
අප බැදුනු මිතුදමත් . . .
එක් කරන් හොද ලෙසින්
ඔබ කරන කියන වැඩ
හැම විටදි හැමලෙසින්,
වඩා වඩා වඩ හොදින්
ඉටු වෙන්න සුභ පැතුම් . . .
11:28 AM |
Category:
මතකයන්,
සුබ පැතුම්
|